සිරිසෝම 22වැනි වරටත් ජාතික බිලියඩ් ශූරයා වෙයි

Published in ක්‍රීඩා
Thursday, 25 December 2014 12:40

ශ්‍රී ලංකා බිලියඩ් හා ස්‌නූකර් සංගමය විසින් 62 වැනි වරටත් පවත්වන ලද ජාතික බිලියඩ් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය නියෝජනය කරමින් තරග වැදී කේ. එච්. සිරිසෝම සමත්විය.

කොළඹ සුගතදාස හෝටල පරිශ්‍රයේ පැවැති අදාළ තරගාවලියේදී සිරිසෝම විසින් මුවර්ස්‌ ක්‍රීඩා සමාජයේ එස්‌. එච්. එම්. අස්‌ලම්ව තරග වට 6-4 ක්‌ ලෙස පරාජයකට ඇද දමිමින් 22 වැනි වරටත් ජාතික ශූරතාවට හිමිකම් කියනු ලැබීය.



තරගයේ පළමු වටය 92-103 ක්‌ ලෙස මුවර්ස්‌ අස්‌ලම් ඉදිරියෙන් සිටියද දෙවැනි සහ තෙවැනි වට පිළිවෙළින් 102-50 ක්‌ සහ 100-69 ක්‌ වශයෙන් දැවැන්ත ජයග්‍රහණ වාර්තා කරමින් ඉදිරියට පැමිණීමට සිරිසෝම සමත්වූවේය.

එහෙත් යළිත් සිව්වැනි වටයේදී ලකුණු 100-08 ක්‌ වශයෙන් දැවැන්ත පරාජයකට සිරිසෝම මුහුණ දුන් බැවින් තරගය දෙදෙනාටම විවෘත වන අයුරක්‌ දිස්‌විය. එහෙත් පස්‌වැනි හා හයවැනි වට වලදී යළිත් ඉදිරියට පැමිණි සිරිසෝම එහිදී 100-66 ක්‌ සහ 100-44 ක්‌ වශයෙන් ජය වාර්තා කරනු ලැබීය.

එතෙක්‌ තරග 2 කට වරක්‌ ජයග්‍රහණ වාර්තාකරගෙන සිටි අස්‌ලම් නැවතත් හත්වැනි වටයේදී ක්‍රියාත්මක වෙමින් 100-71 ක්‌ ලෙස සිරිසෝමව පරාජයට ඇද දැමීය. එහෙත් අටවැනි වටය 101-49 ක්‌ වශයෙන් ජය ගත් සිරිසෝම 5-3 ක්‌ වශයෙන් ඒ වන විටත් ඉදිරියෙන් සිටීම මත වට පැවැත්වීමට නියමිත වූ වට 11 න් වටයක පමණක්‌ ජයග්‍රහණය ප්‍රමාණවත් විය. එහෙත් 9 වැනි වටයේදී අනපේක්‍ෂිත ලෙස 100-80 ක්‌ ලෙස ජය වාර්තා කිරීමට අස්‌ලම් සමත්වීම මත සිරිසෝමගේ ජයග්‍රහණය තරමක්‌ ප්‍රමාද වීය. කෙසේ වෙතත් 10 වැනි වටය ජය වාර්තා කරමින් සිරිසෝම වටයක්‌ ඉතිරිව තිබියදී 2014 වසරේ ශූරයා බවට තේරී පත්විය.

ප්‍රථමයෙන්ම දිස්‌ත්‍රික්‌ක වශයෙන් ක්‍රියාත්මක මෙම තරගාවලියේදී කොළඹ දිස්‌ත්‍රික්‌කයෙන් ක්‍රීඩකයන් 113 ක්‌ද, ගාල්ලෙන් ක්‍රීඩකයන් 13 ක්‌ වශයෙන් මුලු ක්‍රීඩකයන් 126 දෙනෙක්‌ ඉදිරිපත් වූහ. එහිදී තීරණාත්මක තරග වටය වූ සමස්‌ත ලංකා තරග වටයට ක්‍රීඩකයන් 36 දෙනෙකු තරග වැදුණු අතර ඉන් ලීග් තරග වටය සඳහා 8 දෙනෙකු සුදුසුකම් ලැබූහ. ඒ අනුව ඔවුන් 8 දෙනා ජාතික සංචිතයේ පසුවන ක්‍රීඩකයන් 16 දෙනා සමග තරග වැදුණු අතර අනතුරුව අවසන් තරග වටයට ක්‍රීඩකයන් 16 දෙනෙකු තරග කිරීමට සුදුසුකම් ලදහ.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us