කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19.1 ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 133 ක් පමණි.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 17.4 ක් අවසානයේ ලකුණු 65කට සීමාකිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.
ඇෆ්ගනිස්තාන කණ්ඩායම පසුගිය වසරේද මෙම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට සමත්ව ඇත.
ආසියානු ක්‍රීඩා උලෙළ ආරම්භ වූ 1951 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව රන් පදක්කම් 10 ක් ජයග්‍රහණය කර ඇති අතර, එම පදක්කම් සියල්ලම මලල ක්‍රීඩා ඉසව්වන්ගෙන් පමණක් වේ. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හිමිකරගත් මෙම රන් පදක්කම 63 වසරක ආසියානු ක්‍රීඩා උලෙළ ඉසිහාසයේ වෙනත් ක්‍රීඩා ඉසව්වකින් රන් පදක්කමක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව වේ.
එමෙන්ම අවසන් වරට ශ්‍රී ලංකාව රන් පදක්කමක් ජයග්‍රහණය කර ඇත්තේ 2002 වසරේදීය.
මේ අතර ලෝකඩ පදක්කම වෙනුවෙන් අද පැවැති බංග්ලාදේශය හා හොංකොං අතර තරගයන් ලකුණු 27ක ජයක් ලැබීමට බංග්ලාදේශය සමත්විය.