කෝටි ගණන් ලොතරැයි ඇදුනත් කුලියට පොල් කඩන මිනිසා  

Published in අනං මනං
Thursday, 11 April 2024 12:39

රුපියල් කෝටි හයක ලොතරැයි ජයග්‍රහණයක් මීට පෙර හිමි කරගෙන තිබූ පොල් කඩා ජීවිකාව ගෙන ගිය පුද්ගලයෙකුට පසුගිය සතියේ ද රුපියල් ලක්ෂ විස්සක ලොතරැයි ජයග්‍රහණයක් හිමිව ඇති බව වාර්තා වනවා.

ගම්පොළට නුදුරු ගම්මානයකින් මේ පිළිබඳ වාර්තා වන අතර අදාළ පුද්ගලයාට මීට වසර එක හමාරකට පමණ ඉහතදී රුපියල් කෝටි හයක ලොතරැයි ජයග්‍රහණයක් හිමිවු බව සඳහන්.

කෙසේ වෙතත් ඔහුගේ ජීවිකාව ලෙස කුඩා කල සිට කරගෙන ආ කුලියට පොල් කැඩීම දිගටම කරගෙන යන බවටද අනාවරණ වී තිබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ එම පුද්ගලයා මෙම ජයග්‍රාහී ලොතරැයි පත් දෙකම මිලදී ගෙන ඇත්තේ එකම අලෙවි නියෝජිතයකුගෙන්.

දිනපතාම ලොතරැයි පතක් මිලදී ගැනීමට පුරුදු වී සිටින එම පුද්ගලයා අදාළ ලොතරැයි පත් මිලදී ගැනීමට පැමිණෙන්නේ කිසිවකුත් ලොතරැයි අලෙවි නියෝජිතයා ළඟ නොමැති අවස්ථාවක බවයි වාර්තා වන්නේ.

ඔහු පැය භාගයකට ආසන්න කාලයක් ලොතරැයි පත් තෝරන බවත්, අවසානයේ ලොතරැයි පත් දහයක් පමණ මිලදීගෙන යන බවත් සඳහන්.

ලොතරැයි දිනුම් ඇදීමෙන් පසු ඒවාට ජයග්‍රහණයක් ලැබී ඇත්දැයි යන්න පරීක්ෂා කර බැලීමට ඔහු පැමිණෙන්නේ ද ලොතරැයි පත් මිලදී ගත් අලෙවි නියෝජිතයා ළඟටයි.

රුපියල් ලක්ෂ විස්සක මුදලක් ජයග්‍රහණය කර ඇති බව දැනගත්තත් ඔහු සාමාන්‍ය ලෙස එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.

වයෝවෘද්ධ මව සමග කුඩා පැල්පතක ජීවත් වන අවිවාහකයකු වන ඔහු මීට පෙර රුපියල් කෝටි හයක මුදලක් ජයග්‍රහණය කළත් සුපුරුදු පරිදිම සාමාන්‍ය ආකාරයට ජීවත් වන බවත් අලුතින් නිවෙසක්වත් ඉදිකරගෙන නොමැති බවත් සඳහන්.

දුර්වර්ණ වී ගිය කොට කලිසමකින් සහ ටී ෂර්ට් එකක් හැඳගෙන පොල් කඩන පිහිය ද රැගෙන හිමිදිරි උදෑසනම නිවෙසින් මෙම කෝටිපති පොල් කඩන්නා පිටව යන්නේ කුලියට පොල් කැඩීම සඳහායි.

කෝටිපතියකු වෙලත් පොල් කඩන්නේ ඇයිදැයි කියා විමසන අවස්ථාවේ ඔහු සිනාසෙනවා මිස එයට පිළිතුරක් ලබා නොදෙන බව ප්‍රදේශවාසීන් සඳහන් කර තිබෙනවා.

රුපියල් කෝටි හයක ලොතරැයි ජයග්‍රහණයක් ලැබුණු බව දැනගත් එක්තරා බැංකුවක් ඔහු සොයා පැමිණ කරුණු කාරණා අවබෝධ කර දී එම මුදල පොල් කඩන්නා නමින් ගිණුමක් විවෘත කරදී එහි තැන්පත් කර ඇති බවත් වාර්තා වනවා.

මූලාශ්‍රය - ලංකාදීප

Gossip

පොහොට්ටුව ජනාධිපතිට නට්ට නාමල්ට   

පොහොට්ටුව ජනාධිපතිට නට්ට නාමල්ට  

ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පසුපෙළ මන්ත්‍රීවරුන් 48 දෙනකු කොළඹදී ස්ථාන දෙකකදී...

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

සුරාබදු ආදායම පනත යළි සංශෝධනය කරමින්, මත්පැන් වලින් ලැබෙන රාජ්‍ය බදු ආදායම වැඩි කරගැනීමට රජය සුදානම්...

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

නෛතික ප්‍රතිපාදන අනුව නිසි කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඊයේ (11) පාර්ලිමේන්තුවේ පැවති...

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන සහ දැන් අලුතින් පිහිටුවන ලද එක්සත් ජනරජ පෙරමුණේ (URF) නායක පාඨලී චම්ප...

Connet With Us