හොදම ක්‍රීඩකයන් තිදෙනා අතරට පැතුම්

Published in ක්‍රීඩා
Monday, 04 March 2024 17:13

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පෙබරවාරි මාසය සඳහා ලොව හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා තේරීම සඳහා සුපිරි ක්‍රීඩකයින් තිදෙනෙකු තෝරාගෙන තිබේ.

ඒ අතරින් හොඳම ක්‍රීඩකයා ලෙස නම් කෙරෙන්නේ අන්තර්ජාලය හරහා පැවැත්වෙන ඡන්දයක් හරහාය.

ඒ අනුව මෙවර පෙබරවාරි මාසයේ හොඳම ක්‍රීඩකයින් තිදෙනාගේ නාම යෝජනා අතරට ශ්‍රී ලංකා සුපිරි ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ද ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.

ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති එක්දින තරගාවලියේදී ලබාගත් ද්විත්ව ශතකය ඔහුව මෙලෙස නම්කිරීමට මූලික හේතුව වී ඇත.

එය ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකු විසින් එක්දින තරගයකදී රැස්කළ ප්‍රථම ද්විත්ව ශතකයයි.

මීට අමතරව 2024 පෙබරවාරි මාසයේ හොඳම ක්‍රීඩකයා ලෙස තේරීම සඳහා පැවැත්වෙන මත විමසුමට ICCය නම්කර ඇති සෙසු ක්‍රීඩකයින් වන්නේ ඉන්දීය යොවුන් පිතිකරු යශස්වි ජයිශ්වාල් සහ නවසීලන්ත සුපිරි පිතිකරු කේන් විලියම්සන්වය.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us