බණ දේශනා කරමින් සිටි කාලය අවසන් බවත්, බණ අණ සමග වැඩ කරන්නට පටන්ගත යුතු බවත්, නිදාසිටින වගකිවයුත්තන් අවදි කරන්නට බොදුබල සේනා සංවිධානය කටයුතු කරන බවත් එහි මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.

තම පියා රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ තේ බොන බවත් තමන්ද හරීන් ප‍්‍රනාන්දු මහතා සමඟ තේ බීමේ වරදක් නැති බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.

වසර 800කට පසු ඉන්දියාවේ නාලන්දා සරසවිය  විවෘත කරමින්  සිසුන් 15 දෙනෙකුගෙන් පන්ති ආරම්භය අද(02) සටහන් කෙරුණි. 
කලම්බු ට්‍රේඩින්‘ ලෙස ව්‍යාජ ආයතනයක්  පවත්වාගෙන යමින් කෝටි ගණනක මූල්‍ය වංචාවක නිරතවූ සිව් දෙනෙකුගේ කණ්ඩායමක් වැල්ලවත්ත පොලිසිය විසින් අද(02) අත්අඩංගුවට ගෙන තිබේ. 
මොළයේ සෛල විනාශ කරන අල්ට්ස්හයිමර් රෝගය පැතිරීම වළක්වාගැනීමට දෙළුම් ආහාරයට එක්කැර ගැනීම වැදගත් යැයි පර්යේෂකයෝ කියති.
කොල්ලුපිටිය පොලිසිය අසල දී සිරුරට ගිනි ඇවිළුණු පුද්ගලයකු (60)  රෝහල් ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

හඟුරන්කෙත ආසනයේ ශ‍්‍රීලනිප සම සංවිධායකයා ලෙස මෑතකදී පත්කරන ඇමති එස්බී දිසානායක මහතාගේ පුත් නාරද දිසානායක මහතා ගේ ආධාරකරුවන් පිරිසක් විසින් තමන් දින පහක් ඇතුළත මරා දමන බවට තර්ජනය කළ බව හගුරන්කෙත ප‍්‍රාදේශීය සභාවේ සභාපති රණසිංහ දිසානායක මහතා පොලීසියට පැමිණිලි කර ඇත.

මෝදර රොක්‌හවුස්‌ ප්‍රදේශයේ යුවළකගේ දින හයක්‌ වයසැති බිලිදා රුපියල් 50,000 ට විකිණී යෑයි කියන සිද්ධියකට අදාළව පරීක්‍ෂණ පැවැත්වූ මෝදර පොලිසිය, බිලිදා විකිණූ යුවළත් බිලිදා මිලට ගත් යුවළක්‌ හා තැරැව්කාරියන් දෙදෙනකුත් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

ld add copy

Latest News

Connet With Us