පසුගිය ඡන්ද විමසීම්වලදී ඇතැම් සේවා යෝජකයින් සිය සේවා නියුක්තිකයන්ට ඡන්දය භාවිතා කිරීමට නිවාඩු ලබා නොදෙන බවට තමන් වෙත පැමිණිලි ලැබී තිබූ බව මැතිවරණ කොමසාරිස්වරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
මේ අනුව කිලෝමීටර 40ට හෝ ඊට අඩුනම් දින භාගයක නිවාඩුවක් සහ කිලෝමීටර 40 ත් 100 ත් අතර නම් එක් දිනක නිවාඩුවක් ලබාදෙන ලෙසත් මැතිවරණ කොමසාරිස්වරයා නිර්දේශ කරයි. එමෙන්ම කිලෝමීටර් 100 ත් 150 ත් අතර නම් දින එකහමාරක නිවාඩුවක් සහ කිලෝමීටර 150 ට වැඩිනම් දින 2 ක නිවාඩුවක් ලබාදෙන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා ඉල්ලා සිටියි.