චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා Featured

Published in Gossip
Sunday, 09 June 2024 10:19

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන සහ දැන් අලුතින් පිහිටුවන ලද එක්සත් ජනරජ පෙරමුණේ (URF) නායක පාඨලී චම්පික රණවක සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ සිය පක්ෂයේ පළමු වාර්ෂික සම්මේලනය පවත්වා පැය 48කට පසු, ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පිළිගන්නා ලෙස ඉල්ලීමක් නර ඇතැයි වාර්ථා වේ.

මේ අනුව මහින්ද රාජපක්ෂ මහතා හමුවී මෙම ඉල්ලීම සිදුකර ඇති නමුත් ඒ් සම්බන්ධයෙන් තමාට තීරණයක් ගත නොහැකි බව පවසා එය බැසිල් රාජපක්ෂ සමඟ සාකච්ඡා කරන ලෙස පවසා ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ එහි ප්‍රධාන උපායමාර්ගිකයා වන බැසිල් රාජපක්ෂ සමඟ මැයි 27දා බත්තරමුල්ලේ පිහිටි ඔහුගේ නිවසේදී පැවති හමු වී ඇත.

එම හමුවේදී රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති අපේක්ෂකයකු නොවන බව තවමත් තම අවබෝධය බව රණවක මහතා පවසා ඇති අතර එම නිසා තමන් ජනාධිපති අපේක්ෂකයා ලෙස පිළිගතහොත් තම ජනරජ පක්ෂයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත විය හැකි බව රණවක අවධාරණය කර ඇත. එය පොදු වැඩ පිළිවෙලක් මත පදනම් වේ.

කෙසේ වෙතත්, රනිල් වික්‍රමසිංහගේ අපේක්ෂකත්වය පිළිබඳව තවමත් විධිමත් තහවුරු කිරීමක් තම පක්ෂයට නොමැති නමුත් එය බලාපොරොත්තුවෙන් සිටින බව බැසිල් පැහැදිලි කර ඇති අතර චම්පිකගේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.

කෙසේ නමුත් රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ කිරීමට නියමිත අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ඇතිකරගත් පුළුල් අවබෝධයක් අනුව, ඔහු සියලුම ලියාපදිංචි දේශපාලන පක්ෂවලට සහ අලුතින් පිහිටුවන ලද කණ්ඩායම්වලට ලිපියක් යවමින්, තම “ස්වාධීන අපේක්ෂකත්වය” පිළිබඳව ඔවුන්ට දන්වා සහය ලබා දෙන ලෙස ඔවුන්ට ආරාධනා කිරීමට නියමිත් බවත් දැනගැනීමට ඇත.

Leave a comment

 

ld add copy

ක්‍රීඩා

Connet With Us