දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

Published in Gossip
Friday, 10 May 2024 13:50

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිටින මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වන දයාසිරි ජයසේකර හා ගාමිණි වලේබොඩ යන මන්ත්‍රීවරුන් දෙදෙනා සමඟ බව වාර්ථාවෙයි.

මෙරට විශ්‍රාමික හමුදා නිලධාරීන් හා සෙබළුන් යුක්රේන හා රුසියානු යුද හමුදාව වෙත යවන ජාවාරමක් ගැන දයාසිරි මන්ත්‍රීවරයා ඊට පෙර දිනක දුන් තොරතුරක් මත ජනපති රනිල් ඔවුන්ව හමුදා මූලස්ථානයෙහි පැවැත්වෙන් ආරක්ෂක මණ්ඩල රැස්වීමට වෙත කැදවාගෙන යෑම සිදුව තිබේ.

මෙහිදී ආරක්ෂක ප්‍රධානීන් හමුවේ මන්ත්‍රීවරු දෙපළ සතු තොරතුරු හෙළි කරන ලෙස ජනපති කළ දැනුම්දීම අනුව නීති විරෝධිව විශ්‍රාමික හමුදා සෙබළුන් එම රටවලට යවා අමාරුවේ දමා ඇති බවත් බොහෝ දෙනෙකු එම යුද්ධයේදි මිය ගොස් ඇති බවත් මන්ත්‍රීවරු හෙළිදරව් කර තිබිණි .
එරටට ගොස් පළා ආ සෙබළෙකු දුරකතනයෙන් සම්බන්ධ කර ගත් මන්ත්‍රී දෙපළ ඔහු කියන කතාව ආරක්ෂක ප්‍රධානීන්ට ශ්‍රවණය කිරීමට ද අවස්ථාව උදාකර දුන්නේය. ජනපති රනිල් උපදෙස් දුන්නේ මේ ගැන වහාම සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙසය.
රුසියානු හා යුක්රේන රටවලට සෙබළුන් යාම හා එහි භයානක තත්ත්වය ගැන ජනතාව දැනුම්වත් කරන ලෙස ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන් ජනපති රනිල් ඒ වෙනුවෙන් දයාසිරි හා වලේබොඩ මන්ත්‍රී දෙපළ සම්බන්ධ කරගන්නා ලෙස ද කීවේය.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණ අනුව හිටපු ශ්‍රී ලංකා සෙබළුන් 114 දෙනෙක් පමණ යුක්‍රේන යුද්ධයට එක්වීම සඳහා මෙරටින් පිටත්වී ඇති බව තහවුරු වී තිබේ.
ඉන් 60 දෙනෙකු රුසියාවටත් අනෙක් 54 දෙනා යුක්‍රේනයටත් යෑමේ බලාපොරොත්තුවෙන් මෙරටින් ගොස් තිබුණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී නරේන්ද්‍ර ජයකාන්ත මහතා ඒ බව පැවසීය.
නමුත් රුසියා - යුක්‍රේන යුද්ධයට එක්වී ඉන් පැන ආ හිටපු හමුදා සාමාජිකයින් පවසන්නේ ශ්‍රී ලාංකිකයින් 1000ක් පමණ එහි සිටින බවයි.
ඒ සම්බන්ධයෙන් තවමත් තොරතුරු රැස්කරමින් සිටින බැවින් ඒ ගැන තහවුරු කළ නොහැකි බව සහකාර පොලිස් අධිකාරිවරයා පැවසීය.
"යුක්‍රේනයට යාම සඳහා පිරිසක් ඉන්දියාවට ගිහින් තියෙනවා. ඉන් 23 දෙනෙක් එතැනින් පෝලන්තයට ගොස් ඒ හරහා යුක්‍රේනයට ගොස් ඇති බවට තොරතුරු ලැබුණා. රුසියාවට ගිය අයගෙන් තුන් දෙනෙක් බේරිලා ඇවිත් තියෙනවා...."
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී නරේන්ද්‍ර ජයකාන්ත මහතා පවසන්නේ රුසියා - යුක්‍රේන යුද්ධයට ගොස් ඇති බවට වාර්තාවන තම සමීපතමයින්ගේ තොරතුරු ලබාදෙන ලෙසට යි.
එම තොරතුරු 0718-592831 දුරකථන අංකයට ලබාදෙන ලෙස ජයකාන්ත මහතා එම සෙබළුන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලා සිටියේය.
මේ අතර, රුසියානු හමුදාවේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් ජාවාරම් කළ බව කියන මේජර් ජෙනරාල්වරයෙකු සහ සැරයන්වරයෙකු කුරුණෑගල වැවරවුම ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තේය.
විශ්‍රාමික මේජර් ජෙනරල්වරයෙක් වන මෙම පුද්ගලයා සම්බන්ධයෙන් පොලීසිය දීර්ඝ ලෙස විමර්ශන සිදුකර තිබේ.
එලෙස සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, විශ්‍රාමික යුද හමුදා නිලධාරීන්ගේ නාමලේඛනය යුද හමුදා මූලස්ථානයෙන් ලබාගෙන ඇත්තේ ඔහු විසින් බවයි.
රුසියාවේ සහ යුක්‍රේනයේ හමුදා කඳවුරුවලට මෙරට හිටපු හමුදා සාමාජිකයින් යොමු කිරීමේ ජාවාරමට අදාළව පොලීසිය විසින් දිගින් දිගටම විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

Leave a comment

worky

worky1

ld add copy

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us