සිරිසේනට මහ බැංකු අධිපතිගෙන් අනතුරු හැඟවීමක්.. පිස්සු නටලා රටේ ආර්ථීක විනය නැති කරන්න එපා Featured

Published in පුවත්
Thursday, 06 December 2018 14:25

දේශපාලනඥයන් මැතිවරණ ඉලක්ක කර ගනිමින් ජනතාවට අවිධිමත් සහන ලබා දීම ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීම් සහතික කිරීමට අත්‍යවශ්‍ය වන මූල්‍ය ස්ථාවරත්වයට බාධාවක් වනු ඇති බව මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසනවා.

වරලත් මූල්‍ය විශ්ලේෂක සමාජය (CFA) හා ශ්‍රී ලංකා මහ බැංකුව එක්ව දියත් කරන ලද මූල්‍ය සාක්ෂරතාවය සහ ව්‍යවසායකත්වය සඳහා මඟ පෙන්වීමේ වැඩසටහන හඳුන්වා දෙමින් කුමාරස්වාමි මහතා මේ බව කියා සිටියා.

ආචාර්ය කුමාරස්වාමි මෙහිදි බාහිර ණය ආපසු ගෙවීම් සහතික කිරීමේ මූල්‍ය ස්ථාවරත්වය මන්දගාමී වී ඇති බව ප්‍රකාශ කළා. නමුත් එම තත්වය තවමත් පාලනය කළ හැකි මට්ටමක පවතින බවයි ඔහු සඳහන් ‍කළේ. ඒ අනුව ශ්‍රී ලංකාවට තවදුරටත් රාජ්‍ය මූල්‍ය පවත්වාගෙන යාම සිදු කළ හැකි බවත් මේ තත්වය කළමනාකරණය කර ගැනීම සඳහා මූල්‍ය විනය පවත්වාගෙන යා යුතු බවත් ඔහු ප්‍රකාශ කර සිටියා. අතීතයේ මෙන් අපට මැතිවරණයක් වෙනුවෙන් ගොඩ නැගුණු ජනතාහිතවාදි පිළිවෙත් සියල්ල ක්‍රියාවට නැංවීමට ගියහොත් තත්වය මීට වඩා දරුණු වන බව මහ බැංකු අධිපතිවරයා තවදුරටත් කියා සිටියා.

පසුගියදා මහින්ද රාජපක්ෂ විසින් කෘෂිකර්මාන්තයේ නියැළෙන ගොවීන්ගේ බදු සහන 28% සිට 14% දක්වා අඩු කිරීම මැතිවරණයක් සඳහා ගම් මට්ටමේ ඡන්ද අපේක්ෂාවෙන් සිදු කරන ලද්දක් බව පෙනී යන කරුණක් වනවා. එම බදු සහනය මගින් ප්‍රතිලාභ ලබන්නේ කෘෂි නිෂ්පාදන ක්ෂේත්‍රයේ සීමිත සමාගම් ප්‍රමාණයක් පමණයි. ජනාධිපති සොයුරු ඩඩ්ලි සිරිදේනගේ අරලිය සහල්, එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි ලක්ෂ්මන් පෙරේරාගේ ලක් සහල්, සන්ධානයේ පොළොන්නරු ආසන සංවිධායක මිත්‍රපාල නව රත්න සහල් යන සමාගම් මෙම 28% බදු යටතට ගැනෙන සමාගම් වනවා.

මේ අයුරින් බදු සහන ප්‍රතිපත්ති තවදුරටත් අවිධිමත් ලෙස ක්‍රියාවට නැංවීම තුළින් රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය පවත්වාගත නොහැකි වනු ඇති බව මහ බැංකු අධිපතිවයාගේ අදහසයි.

මහබැංකු අධිපතිවරයා තවදුරටත් කියා සිටියේ නව ක්‍රියාකාරී වගකීම් කළමනාකරණ පනත යටතේ අමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් හෙවත් රුපියල් බිලියන 310ක් රැස් කළ යුතු බවයි. කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති මේ යටතේ තනි මූල්‍ය ආයතනවලට මුදල් රැස් කිරීමට හැකි වනු ඇති බව ද ඔහු කියා සිටියා. මේ වසරේ ආර්ථික වර්ධන ඉලක්කය 4%ක ඉලක්කයක් ලබා තිබුණද එය 4%ට වඩා අඩු අගයක් වාර්තා කරන බව කුමාරස්වාමි මහතා පෙන්වා දුන්නා.


මෑතකාලින ශ්‍රේණිගත කිරීම් පිළිබඳව සඳහන් කරමින් කුමාරස්වාමි මහතා කියා සිටියේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට හා වෙනත් ආයතනවලට වඩා දරුණු වී ඇති බවයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us