කිසිම ජගතෙකුට මැතිවරණය නවත්වන්න බෑ - මහින්ද ( the hindu)

Published in පුවත්
Monday, 12 November 2018 14:50

සිරිසේන ජනාධිපතිවරයාගෙන් අගමැති පට්ටම ගත් රාජපක්ෂ මහතා වසර 50ක දේශපාලන ජීවිතය තුළ හැදී වැඩුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර ගිය හැටි 'ද හින්දු' පුවත්පත මෙසේ වාර්තා කොට තිබුණි.

රාජපක්ෂ පොහොට්ටුවට එක් වෙයි - සිරිසේනගේ නිදහස් පක්ෂය දුර්වල වෙයි. යන ශිර්ෂ පාඨයෙන් එම පුවත ආරම්භ කොට තිබේ. රාජපක්ෂගේ මෙම පක්ෂ සාමාජිකත්ව හුවමාරුව අනුව එළඹෙන මැතිවරණයේදී ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ නොකරන බව හොඳින්ම පැහැදිලි වන බව එහි සඳහන් කර තිබේ. මේ වන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ගැනීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කඩා වැටීමේ ආරම්භය බව එම පුවත්පත පවසයි.

මහින්ද රාජපක්ෂ සිය පක්ෂය හැර යාම රටේ දේශපාලන තත්වය තව තවත් අර්බුදයකට ගෙන යා හැකි බවට ඉඟි පළ කරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අඩ සියවසකට ආසන්න කාලයක් බණ්ඩාරනායකවරුන් විසින් දිවි හිමියෙන් ආරක්ෂා කළ අතර දැන් එහි කඩා වැටීම සටහන් වී ඇති බව එම පුවත්පත තවදුරටත් සඳහන් කර තිබේ.

 

කාටවත් ඡන්දය නවත්වන්න බෑ - මහින්ද..

මැතිවරණය ජනවාරි 5 වැනිදා පැවැත්වීම ස්ථිර බවත් සිය පක්ෂය ඒ සඳහා හොඳින්ම සූදානම් බවත් මහින්ද රාජපක්ෂ ඊයේ මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබේ. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී බව පවසමින් අධිකරණය හමුවට යන පාර්ශ්වයන් පිළිබඳව අදහස් දක්වමින් රාජපක්ෂ මහතා “කිසිම ජගතෙකුට දැන් මැතිවරණය නවත්වන්න බෑ“ යනුවෙන් පිළිතුරු දී ඇති බව ද හින්දු පුවත්පත සඳහන් කරයි.

“ ජාත්‍යන්තර ප්‍රජාව තේරුම් ගත යුතුයි මේක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කියලා. ඔවුන් අපේ තත්වය අවබෝධ කර ගන්න ඕනේ. අපි බලන්නේ ජනතාවගේ කැමැත්ත, ජනතාව බලාපොරොත්තු වන දේ පමණයි.“

එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, කැනඩාව වැනි රටවල් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණයට එරෙහිව නිකුත් කළ ප්‍රකාශ හා නිවේදන සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජපක්ෂ මෙසේ අදහස් දක්වා තිබේ.

(මහින්ද රාජපක්ෂගේ මේ ප්‍රකාශයෙන් හැඟවෙන්නේ අධිකරන තීන්දුව සිරිසේන සහ මහින්ද කළින්ම තීන්දු කර තිබේද යන්නය.)

sri-lanka-crisis-rajapaksa-ends-50-year-association-with-sirisenas-party-joins-newly-formed-slpp

Last modified on Monday, 12 November 2018 14:55

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us