සිරිසේන මේ රවටන්නේ සිංහලයාවද දෙමළාවද? දීපවාලියට පණිවිඩ 2යි. Featured

Published in පුවත්
Tuesday, 06 November 2018 16:58

මෙවර දිපවාලී උත්සවය වෙනුවෙන් සිරිසේන ජනාධිපතිවරයා රටේ ජනතාව රවටන කුප්ප වැඩක් සිදු කර තිබේ. දීපවාලි උත්සවය වෙනුවෙන් සුභපැතුම් පණිවිඩ නිකුත් කිරීමේ සාම්ප්‍රදාය අනුව මෙවරද ජනාධිපතිවරයා පණිවිඩයක් නිකුත් කර තිබිණි . ඒ අනුව උතුරේ සිරකරුවන්ගේ ගැටළුව විසඳීම පිලිබදව සහනදායි වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන බව සඳහන් කර තිබිණි.

නමුත් ඊට සුළු සුලු මොහොතකට පසුව කලින් එව් නිවේදනය වැරදි බවත් සංශෝධිත දෙවන නිවේදනය ප්‍රසිද්ධ කරන ලෙසත් සඳහන් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය වෙනත් නිවේදනයක් එවා තිබිණි.

නමුත් එහි උතුරේ සිරකරුවන් පිලිබඳ සඳහනක් නොවීය. නිවේදනයද කෙටි වී රට තුල සාමය සන්හිඳියාව වෙනුවෙන් ගත යුතු සැම පියවරක්ම ගන්න බව කියමින් කතාව අවසන් කර තිබේ.

ජනාධිපතිවරයා ගේ මේ දෙබිඩි පිලිවෙත උතුරේ ජනතාව රැවැටීමට ද දකුනේ සිංහලයාව රැවැටීමටද යන්න පැහැදිලි නැත.

තමන්ගේ කුමන්ත්‍රණයට දෙමළ ජාතික සන්ධානයේ සහය ලබා ගැනිමට උතුරේ දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සිදුකරන බවට ප්‍රචාරයක් මීට කලින් සිර මරා දෙපාර්ශ්වයම ප්‍රචාරය කර තිබිණි. එහෙත් දෙමළ ජාතික සන්ධානයේ සහය නොලැබෙන බව පසක් වන විට එම තීරණය අකුලා ගත්තාද කියන සැකය මතුව තිබේ. දෙවන නිවේදනය අනුව පැහැදිලි වන්නේ දෙමළ සිරකරුවන් මුදා හැරීම සිරා මරා දෙදෙනාම දැන් අකුලාගෙන තිබෙන බවය.

මේ වගේ බලය වෙනුවෙන් රටත් ජනතාවත් බිල්ලට ගනිමින් රාජ්‍ය පාලනය කරන වුන්ට කිව හැක්කේ ම්ලෙච්ඡයන් කියාය. මුන් මේ සෙල්ලම් කරන්නේ මිනිස් ජීවිත ප්‍රාණ ඇපයට තියාගෙනය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us