දේශපාලන අර්බුදය හමුවේ විදේශිකයන් ශ්‍රී ලංකාව අතහරියි - THE STRAITS TIMES (සිංගප්පූරුව) Featured

Published in පුවත්
Tuesday, 06 November 2018 18:00

ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන අර්බුදය හමුවේ විදේශිකයන් ශ්‍රී ලංකාවට පැමිණීමේ අදහස අතහැරගෙන ඇති බව සිංගප්පූරුවේ THE STRAITS TIMES වෙබ් අඩවිය සඳහන් කර තිබේ.

අගමැතිවරුන් දෙදෙනෙක් බලය අල්ලා ගැනීමට අරගල කරන ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය හමුවේ සංචාරකයන් රටෙන් පිටවීම, විදේශ ආධාර නැවතීම ශ්‍රී ලංකාවේ ආර්ථීක බිඳ වැටීමේ සංඥා නිකුත් කර ඇති බව ‍එම වෙබ් අඩවිය පවසා සිටියි.

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් අස්ථාවර වෙනු ඇති බව ඔවුන්ගේ අදහස වී තිබේ.

මේ දේශපාලන අර්බුදයන් ලේ වැගිරීම් දක්වා ව්‍යාප්ත වීමේ බියකින් පසුවන විදේශිකයන් සංචාරක වෙරළ තීරය හා ශ්‍රී දළදා මාළිගය ආශ්‍රිතව හෝටල් වෙන් කිරීම් අවලංගු කරමින් සිටින බවද එම පුවත මගින් නිවේදනය කර තිබේ.

බටහිර රටවල් හා යුරෝපා සංචාරකයන් වැඩි වශයෙන් සිය හෝටල් වෙන් කිරීම් සිදු කරන සමයක් වුවද ගෙවීගිය දින 10 තුළ එක්සත් ජනපදය ඇතුළු මෙම රටවල සංචාරකයන් විශාල ප්‍රමාණයක් සිය වෙන්කිරීම් අවලංගු කළ බව කලම්බු සිටි හොටෙල් හි නිළධාරියෙකු පැවසූ බව එම වෙබ් අඩවිය සඳහන් කර තිබේ. බටහිර ජාතීන් සිය පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් අනතුරු හඟවා ඇති බවටද එහි කරුණු දක්වා ඇත.

පසුගිය වසරේ මිලියන 2.4ක විදෙස් සංචාරකයන් සංඛ්‍යාවක් සිය නිවාඩුව ගත කිරීම සඳහා මෙරටට පැමිණ තිබේ. ඔවුන්ගේ පැමිණීමෙන් ශ්‍රී ලංකාව ලද විදෙස් ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 3.2කි. මේ වසරේ එම ප්‍රමාණය 10%කින් වැඩි වී තිබුණි.

ආසියානු සංවර්ධන බැංකුව මේ වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 3.8%කින් වැඩි වී ඇති බව සඳහන් කළ අතර එම අගය 2019 වන විට 4.5%කින් වැඩිවනු ඇති බවට මත පළ කර තිබුණත් දැන් ඒ සියලු සැළසුම් අසාර්ථක වනු ඇති බව එම වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

https://www.straitstimes.com/asia/south-asia/tourists-giving-sri-lanka-a-miss-amid-its-crisis?

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us