කතානායක තීන්දුව පිළිගන් නෑ. ඔහුව පන්නනවා. - හොර ඇමැතියෝ කියති Featured

Published in පුවත්
Monday, 05 November 2018 12:45

කතානායක කරූ ජයසූරිය පවතින ව්‍යවස්ථාමය කුමන්ත්‍රණය සම්බන්ධයෙන් අද නිකුත්කළ නිවේදය සිර මරා බලු පූට්‍ටුව දෙදරුම් කෑමට සමත්ව තිබේ.

කතානායක වරයාගේ නිවේදනය සම්බන්ධයෙන් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී සියලු ජන කොටස් වල ප්‍රසාදය හිමිව ඇති අතර මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය මේ සම්බන්ධයෙන් ඉහල ප්‍රචාරයක් ලබා දි තිබේ, ඒසේම මෙරට තානාපති අංශද මේ සම්බන්ධයෙන් කතානායකවරයාට ස්තූතිය පළ කර ඇති බවත් දැන ගැනිමට තිබේ.

ඒ කෙසේ නමුත් මෙම නිවේදනය නිසා සිර මරා බලු පූට්‍ටු කුමන්ත්‍රණකාරීන්ට වැදුනෙ මරු පහරකි. අද පැවැත්වෙන ඔවුන්ගේ ජන හමුවේ සංවිධාන කටයුතු වලට එම ස්ථානයට ‍රැස්ව සිටි එම කණ්ඩායමේ නායකයන් කිහිප දෙනෙකුම අදහස් පළ කර ඇත්තේ කතනායක වරයාගේ තීන්දුව පිලිගත යුතු නැති බවත්, ඔහුව පන්නා දැමීම මුලින්ම කළ යුතු බවත්ය.

අද හවස රැලියේදී කතානායකවරයාව දැඩිව විවෙච්නයට ලක් කළ යුතු බවටත් තීරණය කර තිබේ.

කතානායක වරයා නිකුත් කළ නිවේදනය

අප මාතෘ භූමිය පෙර නොවූ විරූ ආකාරයේ අර්බුධකාරී තත්වයකට මුහුණ දී ඇති අවස්ථාවක මා මෙතෙක් නිහඬව සිටි නමුත් පාර්ලිමේන්තුවේ විපක්ෂනායකතුමා ඇතුළු බහුතර මන්ත්‍රී තුමන්ලාගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහාත් අප මෙතෙක් රැකගත් ප්‍රජාතන්ත්‍රවාදය විනාශවනු වැළැක්වීම සඳහාත් ඉදිරිපත්ව හෘදයශාක්ෂියට එකඟව ක්‍රියාකිරීම මේ මොහොත් මා සතු ජාතික යුතුකමක් කොට සළකමි.

එක්සත්ජාතික පක්ෂය, ද්‍රවිඩ ජාතික සන්ධානය, ජනතාවිමුක්ති පෙරමුණ සහ මුස්ලිම් කොන්ග්‍රසයට අයත් මන්ත්‍රීවරුන් 116 දෙනෙකුගේ අත්සන් සහිතව අතිගරු ජනාධිපතිතුමා ගත් තීරණය ව්‍යවස්ථා විරෝධී සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී බවත් සඳහන් කරමින් තමන් එය අනුමත නොකරන හෙයින් පාර්ලිමේන්තුව වහා කැඳවා එහි අනුමැතිය ලබා ගන්නා ලෙස සඳහන් කරමින් මා වෙත ඉදිරිපත්කොට ඇති ඉල්ලීම අතිශයින් සාධාරණ බව මාගේ හැඟීමයි.

මා නොවැම්බර් මස පළමුවන දින අතිගරු ජනාධිපතිතුමන් හමු වූ අවස්ථාවේ දී එතුමා දන්වා සිටියේ පාර්ලිමේන්තුව කැඳවන ලෙස මවිසින් කරන ලද ඉල්ලීම කෙරෙහි අවධානය යොමුකොට එදින රාත්‍රියේදී මා දැණුවත් කරන බවයි.

එය එ‍ලෙසම සිදු නොවූ නමුත්, පසු දින පෙරවරු 10.30 ට පමණ එතුමා දුරකථනයෙන් මා අමතා නොවැම්බර් 07 වන දින පාර්ලිමේන්තුව කැඳවීමට අවශ්‍ය ගැසට් නිවේදනය නිකුත් කරන බව දන්වාසිටි අතර එදින පෙරවරුවෙහි එතුමා හමු වූ ජපන්, ප්‍රංශ, ඇමරිකානු සහ ඇෆ්ගනිස්තාන් තානාපතිවරුන් හමුවේ ද එතුමන් තහවුරුකර තිබුණේ නොවැම්බර් 05 වන දින පාර්ලිමේන්තුව කැඳවන බවයි.

ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් නොවැම්බර් මස 05 වන දින පාර්ලිමේන්තුව කැඳවන බව තමා හමු වූ විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන් පිරිසක් හමුවේද සනාථ කර තිබිණ.

අතිගරු ජනාධිපතිතුමන් වාචිකව ලබා දුන් පොරොන්දුව අනුව කටයුතු කරන්නේනම් නොවැම්බර් 07 වන දින වනවිට පාර්ලිමේන්තුව කැඳවා රට ස්ථාවර කිරීම කථානායකවරයා වශයෙන් මාගේ යුතුකමවේ. ඒ සඳහා මාහට සහය වීම ගරු ජනාධිපතිතුමාගේ ද යුතුකමක් බව හඟිමි.

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම බරපතල ලෙස උල්ලංඝනය කරමින් මාධ්‍ය ආයතන ඇතුළු සෙසු රාජ්‍ය ආයතන පරිපාලනය බලහත්කාරයෙන් පැහැරගෙන මධ්‍යස්ථ සේවකයන් පිටුදකිමින් ගරු මහජන නියෝජිතයිනට වරදාන ලබාදෙන බවට ලැබෙමින් පවතින තොරතුරු දෙස නිහඬව බලා සිටීම අසීරු වේ.

පාර්ලිමේන්තුව නීත්‍යානුකූලව රැස්කිරීමට ඉඩ නොතබා ගරු මන්ත්‍රීවරුන් සතු අයිතීන් පැහැරගෙන ඇති බවට බහුතරය විසින් පෙන්වා දෙනු ලැබ ඇති අවස්ථාවක යුක්තියේ හා සාධාරණත්වයේ නාමයෙන් මාගේ ස්ථාවරය ලෝකයට පළකළ යුතුව තිබේ.

පාර්ලිමේන්තුවේ ඇතිකළ වෙනස්වීම් සියල්ල ව්‍යවස්ථා විරෝධීව සහ සාම්ප්‍රදාය විරෝධීව සිදුකර ඇති බව බහුතරයේ අදහස වන බැවින් මෙම වෙනස්වීම් වලට පෙර පැවති තත්වය පිළිගන්නා ලෙස පාර්ලිමේන්තුවේ බහුතරය ඉල්ලා ඇති ‍හෙයින් ඔවුනට හා නව පාර්ශවයට හිමි බහුතරය පෙන්වීමට හැකිවන තුරු පෙර පැවැති තත්වය පිළිගැනීමට මා හට සිදුවන බව අවධාරණය කරමි.

අවසානවශයෙන් කිව හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සිදු නොවියයුතු මෙම සිද්ධිය අවිහරඹවලින් තොරව සිදු වූ අප්‍රසන්න සංසිද්ධියක් බවයි.

කරු ජයසූරිය
කථානායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us