දමිළ සිරකරුවන් නිදහස් කිරීම දෙමළ මන්ත්‍රීන් බිලි බා ගන්න කළ ප්‍රකාශයක් - ටයිම්ස් ඔෆ් ඉන්ඩියා

Published in පුවත්
Sunday, 04 November 2018 22:03

ඊනියා අගමැති මහින්ද රාජපක්ෂගේ පුත් නාමල් රාජපක්ෂ සිය පියාට පාර්ලිමේන්තුවේ බහුතරය සැදීම සඳහා සහජීවන නැටුමක් නටමින් සිටියි. ඒ අනුව ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ දිගු කාලීන ඉල්ලිමක් වූ සියලුම දෙමළ සිරකරුවන් නිදහස් කිරීම ඉතා ඉක්මනින්ම සිදු කරන බවට ඔහු ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රකාශ කර තිබේ.

දෙමළ බසින් සටහන් කර ඇති මෙම පණිවුඩය සිය පියා වන රාජපක්ෂගේ බහුතරය වෙනුවෙන් ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීන් බිලි බා ගැනීමේ අරමුණින් සිදු කරන ලද්දක් බව පෙනී යන බව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත් සේවය සඳහන් කර ඇත.

“ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති මහින්ද රාජපක්ෂ මේ සම්බන්ධයෙන් ඉතා ඉක්මන් විසඳමකට එනු ඇත“. යනුවෙන් ද එම පණිවුඩයේ සඳහන් කර තිබේ.

රාජපක්ෂගේ බහුතරය සැදීම සඳහා සිරිසේන ජනාධිපති මේ වන විටත් ලබන 14 වනදාට පාර්ලිමේන්තුව කැඳවන බවට ගැසට් පත්‍රය නිකුත් කර ඇති අතර සුළු ජාතීන් නියෝජනය වන පක්ෂවල බහුතරය ලබා ගැනීම මෙහිදී අතිශය තීරණාත්මක සාධකයක්ව පවතී. ඒ අනුව ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා සිදු කළ ද විපක්ෂ නායක ආර්. සම්බන්ධන් රාජපක්ෂගේ ඉල්ලීමට එකඟ වී නොමැති අතර ඔවුන් තවමත් රාජපක්ෂගේ ධුරය නීති විරෝධී බව පවසයි. කෙසේ වෙතත් දමිළ ප්‍රජාව ද රාජපක්ෂගේ නැවත බලයට පැමිණීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළකරමින් සිටියි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us