ඒ අනුව පසුගියදා සංශෝධින ඉදිරිපත් කළ අධිකරණ සංවිධාන පනත පාවිච්චි කර පිහිටුවනු ලබන මහාධිකරණ පිහිටු වීමේ මූලික අරමුණ වී තිබෙන්නේ මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමටය.
ඉදිරි මැතිවරණයකදී මහින්ද රාජපක්ෂව පරාජය කළ නොහැකි නිසා ආණ්ඩුව මෙම පියවර ගෙන අති බවද ඔහු පවසයි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය අහෝසි කළෙත් මෙලෙස බවද ඔහු පෙන්වා දෙනු ලැබීය. එසේම හොරු ඇල්ලීමට විශේෂ අධිකරණ අවශ්‍ය නැති බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය.
කෙසේ නමුත් මෙම නව සංශෝධිත පනත් කෙටුම් පත මඟින් සිදුකරනු ලබන්නේ, නඩු ඇසීමට ගතවන දීර්ග කාලය අඩු කිරීම වෙනුවෙන් පවතින මහාධිකරණ පද්ධතිය තුලම තවත් ශාලා කිහිපයක් වැඩි කර ත්‍රී පුද්ගල විනිසුරු මඩුලු 3ක් හරහා නඩු ඇසීම වේගත් කිරීමය. එසේ නොමැතිවන් නව නීති පැනවීමක් හෝ වෙනත් කුමන්ත්‍රණකාරි දෙයක් මෙහිදී සිදු නොවන බව පැහැදිලිය.
ඒ අනුව මෙම පනත් කෙටුම්පත ගැන මෙලෝ අවබොධයකින් තොරව නන්දොඩවනවා හෝ බලයට ඇති කෑදරකම හෝ මෙම නීති මාහාචර්ය වරයා රට නොමග යවා තිබේ.