විශ්වාසභංගය දිනුවොත් අගමැති මහින්ද ආණ්ඩුව හදන්නේ මෙහෙමයි Featured

Published in පුවත්
Tuesday, 20 March 2018 23:52

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ මූලිකත්වයෙන් ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව සම්මත වුවහොත් අගමැතිධුරය සඳහා මහින්ද රාජපක්ෂව නම් කිරීම ස්ථිර වශයෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සිදුවනු ඇති බව ඒකාබද්ධ විපක්ෂ තොරතුරු මාර්ග පවසයි. මේ වෙනුවෙන් ඇමැති නිමල් සිරිපාල හෝ දිනේෂ් ගුණවර්ධන පත් කළ යුතු බවට ශ්‍රීලනිපයෙන් යෝජනා ඉදිරිපත්ව තිබුණද එම අවදානම් සහගත පත් කිරීම් සිදු කිරීමට මහින්ද රාජපක්ෂ කිසිසේත් එකඟ වෙන්නේ නැති බවත් ඔවුන් පෙන්වා දෙයි.

මේ වන විට මෙම යෝජනාව වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සහයත් දුමින්ද දිසානායක හා තවත් තුන් හතර දෙනෙකුගේ හැර සෙසු ශ්‍රීලනීප මන්ත්‍රීන්ගේ සහයත් එජාපයේද මන්ත්‍රීවරු 20 දෙනෙකුගෙ පමණ සහයෝගය ලැබෙන බවත් ඒ අනුව මෙම විශ්වාසභංගය ජය ගත හැකි බව එකාබද්ධ විපක්ෂයේ අදහස වී තිබේ. මේ අතර මෙම විශ්වාසභංග යෝජනාවට ජනාධිපතිවරයාගේ අනුකූලතාවයද ලැබී තිබෙන බවත් ඒකාබද්ධ විපක්ෂ පාර්ශ්වය පවසයි.

යෝජනාව ජයග්‍රහණය කළහොත් පවතින සම්මුතික ආණ්ඩුව අහෝසි වන අතර නව අගමැතිවරයකු නම් කර නව කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට සිදුවනු ඇත. එහිදී ශ්‍රීලනීපය මුලිකත්වයෙන් පිහි‍ටුවනු ලබන ආණ්ඩුවේ අගමැතිධුරය නියත ලෙසම මහින්ද රාජපක්ෂ බාරගනු ඇති නමුත් සුලුතර ආණ්ඩුවක් පවත්වාගෙන යැමේ ගැටලුව නිරකරණය කර දීමට එජාපයේ රනිල් විරෝධී කණ්ඩායමේ සහය හිමිවනු ඇති බවත් පැවැසේ. ඔවුන් නිල වශයෙන් ආණ්ඩුවට එකතු නොවී එජාපයේ නායකත්ව අර්බුදය මතු කර පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමට නියමිතය. ඒ අතර කෙළින්ම මහින්ද සමඟ එක්වීමට කැමැත්ත පලකර ඇති එජාප මන්ත්‍රීන් සුළු පිරිසක්ද සිටින බව පැවසේ.

එමෙන්ම එජාප ලකුණෙන් පාර්ලිමේන්තුවට පැමිණ සිටින අනෙක් සුළු පක්ෂ සෘජුව මහින්දට සහය පල කරනු ඇත..ඒ අනුව සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය (05), ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය (08) ,යන පක්ෂ මහින්ද හා එක්වනු ඇත. එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, ජාතික කම්කරු පක්ෂය, කදුරට ජනතා පෙරමුණ යන පක්ෂ වලින් සැදුම් ලත් දෙමල ප්‍රගතිශීලී සංධානයේ(03) සහය ද ඇතැම් විට හිමි විය හැක. ඊපීඩීපී මන්ත්‍රීවරයාද මහින්ද සහය වනු ඇත. ඒ අනුව මන්ත්‍රීන් 105 -110 ගේ පමණ වන සුළුතර ආණ්ඩුවක් සැදීමට එජනිස 95න් 90 ක් පමණ හා සුළු පක්ෂවල 13 - 15 ක් අගමැති මහින්දට සහය දෙනු ඇතැයි ඒකාබද්ධ විපක්ෂය ගනන් තබා ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us