එජාපය, ජනපතිට එරෙහිව ප්‍රහාර අරඹයි

Published in පුවත්
Tuesday, 20 March 2018 08:36

අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනු කමි‍ටුවක් ලෙස ක්‍රියාත්මක වන ආර්ථික සභාව අහෝසි කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත්කර ඇති කැබිනට් පත්‍රිකාවට එරෙහිව එජාප ඇමතිවරුන් සියලු දෙනාගේ අත්සනින් යුතුව පොදු කැබිනට් පත්‍රීකාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව එජාප ආරංචිමාර්ග පවසයි. මෙය ජනාධිපතිවරයාගේ මුග්ධ ස්ථාවරයන්ට එරෙහිව එජාපය කොන්ද පණ ඇතිව ගත් පළමු ප්‍රහාරක තීන්දුව ලෙසද සැලකිය හැකිය.

 ආර්ථිකයට සම්බ්ණධ සියලු තීන්දු තීරණ ගනු ලැබුවේ මෙම කමි‍ටුවෙන් වන අතර අදාල ව්‍යාපෘතිවලට සම්බන්ධ සියලු ආයතන ප්‍රධානින් සමඟ සාකඡාවලින් අනතුරුව මෙම කමි‍ටු තීන්දු ගනු ලැබුවේය.

ජනාධිපතිවරයා ඊට එරෙහි වන්නේ අහවල් හේතුව නිසා යැයි පැහැදිලි තොරතුරක් නැති නමුත් ප්‍රකාශිත කරුණු වලින් පැහැදිලි වන්නේ එමඟින් 'ගෙවතු වගා' සංවර්ධනට මොකවත් සිද්ධ කළේ නැතැයි වැනි චෝදනාවකි. මහින්ද චින්තන අඩි පාරේ යෑමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බැවින් මෙම ගෙවතු වගා සංදර්ශනද ඒ අනුව සිදුවන්නකි

කොහොම නමුත් ජනාධිපතිවරයා විදේශගතව සිටින බැවින් ගිය සතියේ කැබිනට් මණ්ඩලය රැස් නොවූ අතර, අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනපතිගේ කැබිනට් පත්‍රීකාව සම්බන්ධයෙන් විරෝධතාවය පලකිරීමට එජාප ඇමතිවරුන් පිරිසක් සුදානමින් සිටින බව එජාප ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

මේ අතර මෛත්‍රීපාල සිරිසේන මහතා 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ අරමුනින් යුතුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා එජාපය ඉලක්කකර ගනිමින් සිදුකරන දේශපාලන කෙනෙහිලි වලට තවදුරටත් ඉඩදිය යුතු නැති බව එම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ස්ථාවරය වී ඇතැයි ද පැවසේ.

අපොස උසස් පෙල සියලුම සිසුන්ට අන්තර් ජාල පහසුකම් සහිත ටැබ් එකක් නොමිලේ ලබා දීමට අගමැතිවරයා හා අධ්‍යාපන ඇමතිවරයා ඉදිරිපත්කල කැබිනට් පත්‍රීකාවට ජනාධිපතිවරයා එරෙහිවූ විටදීත්, අඩුම තරමින් තමන්ට කැමැති ඇමැතිවරයාට නීතිය හා සාමය බාර දෙනවාට පවා ජනාධිපතිවරයා විරුද්ධ වන විටත් එජාප නායකත්ව නිහඬව සිටීම එම පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ විරෝධයට හේතුවී ඇතැයි වාර්තාවේ.

Last modified on Tuesday, 20 March 2018 08:41

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us