'' විදේශ කටයුතු අමාත්‍යංශය අද අයාලේ යන තත්ත්වයක. අදිසි හස්තයක් තමයි අමාත්‍යංශය මෙහෙයවන්නේ. අද විදෙස් සේවාව ඉතාමත් කනගාටුදායක තත්ත්වයකට පත්වෙලා තිබෙනවා. අද විදේශ අමාත්‍යංශය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ශාඛා සමිතියක් හැටියට පත්වී තිබෙනවා.
සරත් කෝන්ගහගේ ජනාධිපති අපේක්‍ෂකයෙක්. ඔහු ආණ්ඩුවේ රෙදි අපුල්ලපු අයෙක්. ඔහු අද තානාපතිවරයෙක්. ජනාධිපතිවරයාගේ ඥාති සොහොයුරා අවුරුදු 9ක් තිස්සේ මියන්මාරයේ තානාපති. එක්සත් ජනපදයේ තානාපතිවරයා වශයෙන් කටයුතු කළේ ඥාතියෙක්. ඔහු මුදල් වංචාවකට හසුවූ කෙනෙක්. මොකක්ද දුන්නු දඬුවම. ශ්‍රීමාල් වික්‍රමසිංහ වියානාවල තානාපතිවරයා. ශිරන්ති වික්‍රමසිංහ මැතිනියගේ සොහොයුරා.
මොකක්ද මේ විදේශ සේවය. පළාත් සභා මන්ත්‍රි ධුර තමුන්නාන්සේලා ගන්නවා වගේම තමුන්නාන්සේලාගේ දරුවෝ විදේශ සේවයට යවනවා. විදේශ සේවයේ තානාපතිවරු 49 දෙනෙක් ඉන්නවා. 11 දෙනයි විදේශ සේවාවෙන් ඉන්නේ. 35 දෙනෙක් දේශපාලන පත්වීම්. රත්තරන් තිලක්ගේ දියණියත් තානාපති සේවයේ ඉන්නවා.' යයි ද මන්ත්‍රීවරයා පැවසිය.
එම ප්‍රකාශයට පිළිතුරු දුන් විදේශ නියෝජ්‍ය ඇමති නියෝමාල් පෙරේරා මහතා කියා සිටියේ කලින් ආණ්ඩු ද එවැනි පත් කිරීම් සිදු කර ඇති බවයි.
තානාපති සේවය සඳහා පත්කර යවන පුද්ගලයන් රාජ්‍ය නායකයාගේ ඥාතිවරයකු වීම එතුමාට කරන ගෞරවයක් ලෙස සලකන බව උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා එහිදී පැවැසීය.
විදේශ තානාපතිවරු 49 දෙනා අතුරින් 35 දෙනකු දේශපාලන පත්වීම් වන අතර, අද විදේශ කටයුතු අමාත්‍යංශය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ශාඛා සමිතියක් හැටියට පත්වී තිබෙනවා යැයි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා ඊයේ සභාව කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී පැවැසීය.
Leave a comment
Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...