'පොලිසිය කලේ බරපතළ වරදක්' -වාසු

Published in පුවත්
Thursday, 07 August 2014 10:07

කවර හෝ සංවිධානයක රැස්වීමක් හෝ සාකච්ඡාවක් පැවැත්වෙන ස්ථානයකට බලහත්කාරයෙන් කවුරු කඩා වැදෙන්න ගියත් එය නීති විරෝධී කටයුත්තක් බවත් ඒ ගැන ශ්‍රී ලංකාවේ නීතිය ඔවුන්ට විරුද්ධව ක්‍රියාත්මක කළ යුතු බවත් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ අවධාරණය කර සිටියි. 

මරදාන, සමාජය සහ සාමයික සංවිධානයේ සාකච්ඡාවට භික්ෂූන් වහන්සේ ගොස් බාධා පැමිණවීම බරපතළ වරදක් බව  'බිබිසි සංදේශයට' පැවසූ ඇමතිවරයා,  පොලීසිය ඔවුන්ට විරුද්ධව ක්‍රියා කළ යුතු බවද කියා සිටියේය. 


පොලීසිය මෙවැනි අවස්ථාවලදී විය යුතු ආකාරයට කටයුතු සිදු නොකිරීම ගැන දැනටමත් පැමිණිළි ලැබී තිබෙන බව ඔහු  ප්‍රකාශ කළේය

“ පොලීසිය අවහිර කරන්නන් ඉවත් කරනවා වෙනුවට එම අවහිරයට භාජනය වන්නන්ගේ ක්‍රියාකාරිත්වය නැවත්වීමට උත්සාහ කරනවා. පොලීසිය කරන්නේ ඇත්තටම ඔවුන්ගේ වගකීමට ප්‍රති විරුද්ධ දෙයක්,” ඇමතිවරයා තවදුරටත් සඳහන් කළේය.

රජයේ වගකිවයුතු ඇමතිවරයකු හැටියට මෙවැනි තත්වයන් වැළැක්වීමට තමන් ගන්නා ක්‍රියා මාර්ග කවරේදැයි විමසූ විට, තමන්ට එවැනි පැමිණිල්ලක් ලැබුනහොත් නීතිය හා සාමය පිළිබඳ ඇමතිවරයාට තම අදහස කියා යවන බවත් ඉන් ඔබ්බට යමක් කළ හැකි නම් එය ඉටු කිරීමට තමන් සූදානම් බවත් අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.


විදෙස් තානාපති නිලධාරීන් සීමාව ඉක්මවලා :


විදෙස් තානාපති නිලධාරීන් ශ්‍රී ලංකාවේ දේශපාලන සහ සමාජ සංවිධාන සමඟ සම්බන්ධකම් පැවැත්වීම වරදක් නොවන බව පවසන ජාතික භාෂා සහ ජනවාර්ගික කටයුතු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා, ඔවුනට මේ රටේ කටයුතු කිරීමේදී සිදුවන දේ දැන ගැනීමටත් රටේ පවතින ස්වභාවයන් හඳුනා ගැනීමටත් අවශ්‍ය බව ප්‍රකාශ කරයි.

එහෙත් ඔවුන් ඒ සීමාව ඉක්මවා ගොස් එම සමාජ සංවිධානවල පංගු කරුවන් වනවා නම් එවිට එය මෙරට අභ්‍යන්තර ප්‍රශ්නවලට අනවශ්‍ය ලෙස ඇඟිලි ගැසීමක් ලෙස සැලකිය හැකි බව ඔහු කියා සිටියේය.

“ ලංකාවේ විශේෂ වූ ජන කොටසක් හෝ විශේෂ වූ භූමි ප්‍රදේශයක් සම්බන්ධයෙන් ඔවුන්ගේ මැදිහත්වීම නොවිය යුතුයි කියල කියනවට වඩා පොදුවේ ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රියාකාරීත්වය හෝ සමාජ මැදිහත්වීම් තුළ ඔවුන් නොසිටිය යුතුයි,” ඇමතිවරයා සඳහන් කළේය.

සුළු ජාතික ජන කොටසක් මුල් කර ගෙන නොව, යම්කිසි ආකාරයකට මෙරට පෙළ ගැසෙන දේශපාලන බලවේගයක් සම්බන්ධයෙන් වුවත් ඔවුන් යම්කිසි දායකත්වයක් දෙන්නට උත්සාහ දැරුවොත් එයත් වැරදි බව  ඔහු පැවසුවේය. 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us