දේශපාලන බලයෙන් සිසුවිය සරසවියට

Published in පුවත්
Thursday, 07 August 2014 09:24

නියමිත වසරේදී අයෑදුම්පතක්‌ ඉදිරිපත් නොකළ ශිෂ්‍යාවක දේශපාලන බලපෑම් මත රුහුණ විශ්වවිද්‍යාලයීය කලා පීඨයට ඇතුළත් කිරීමට විශ්වවිද්‍යාලයීය ප්‍රතිපාදන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

පසුගිය 2011 වසරේදී උසස්‌ පෙළ විභාගයට පෙනී සිටි මෙම ශිෂ්‍යාව නියමිත පරිදි විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයෑදුම්පතක්‌ ඉදිරිපත් කර නැත. ඉන් පසුව ඇය විසින් 2013 වසරේදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ඉදිරිපත් කළ අභියාචනයක්‌ අනුව එම ශිෂ්‍යාව රුහුණ විශ්වවිද්‍යාලයට ඇතුළත් කර තිබේ. 


මෙහි විශේෂත්වය නම් 2013 ඔක්‌තෝබර් මස 7 වැනිදා ඉදිරිපත් කර ඇති අයදුම්පතට එම ශිෂ්‍යාව 2011/ 2012 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලයට ඇතුළත් කිරීමය.

ඇය හා සමානව නියමිත පරිදි අයෑදුම්පත් ඉදිරිපත් නොකළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසිදෙදෙනකුගේ අභියාචනා සම්බන්ධයෙන් නොසලකා මෙම ශිෂ්‍යාවගේ අභියාචනය සලකා බලා ඇත්තේ දේශපාලන හේතුවක්‌ නිසා යෑයි ප්‍රතිපාදන කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම ශිෂ්‍යාවගේ අභියාචනයේ සඳහන් වන්නේ සිය මව හා පියා අසනීපවීම නිසා විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ අයෑදුම්පත්‍රය මිලට ගැනීමට නොහැකි වූ බවය. එම හේතුවම දක්‌වා අභියාචනා ඉදිරිපත් කළ සිසුවියෝ ඉහත සඳහන් කළ විසි දෙදෙනා අතර සිටිති. 

කෙසේ වුවද අධ්‍යයන වර්ෂයක්‌ ආරම්භ වී වසරකට පසු එම අධ්‍යයන වසර සඳහා අයෑදුම්කරුවකු ඇතුළත් කිරීම මෙන්ම ඇය වෙනුවෙන් පුරප්පාඩුවක්‌ පැවතියේ නම් නියමිත පරිදි අයදුම්පතක්‌ ඉදිරිපත් කළ සිසුවකු ඒ සඳහා ඇතුළත් නොකිරීම බරපතළ ගැටලුවක්‌ බව ද ඉහත ආරංචි මාර්ග කියා සිටියේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us