ව්‍යාජ SMS යැව් 4ක් අත්අඩංගුවේ

Published in පුවත්
Wednesday, 06 August 2014 19:50

මුස්ලිම් ජනතාවට විරුද්ධව අගෝස්තු 10 වැනිදායින් පසුව නැවතත් ප්‍රශ්න ඇති කිරීමට යම් පිරිසක් සූදානම් වන බවත් මේ සම්බන්ධයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයේදී රැස්වීමක් පැවත්වා ඇති බවත් සඳහන් කරමින් ජාතීන් අතර ගැටුමක් ඇති වන පරිදි ව්‍යාජ කෙටි පණිවුඩ යැවීම සම්බන්ධයෙන් පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් පොලිස් මූලස්ථානය පවසයි.

කුවේට්හි ජීවත්වන ශ්‍රී ලාංකිකයෙකු වන රිස්වාන් නමැති පුද්ගලයෙකු මෙම ව්‍යාජ පණිවුඩය මීගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට ප්‍රථමයෙන් එවා ඇති බවත් ඒ අනුව විවිධ පුද්ගලයන්ට මෙම පණිවුඩය යොමුකර ඇති බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් පෙරේදා (04) සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව හෙතෙම සඳහන් කළේය.

මොහොමඩ් සිරාස් මොහොමඩ් (පන්නල), මොහොමඩ් ජවුෆර් මෙහොමඩ් රිලා (කොළඹ 14),  මුහමිමද් නස්මි (කොළඹ 04), අබිදුල් ලතීෆ් මොහොමඩ් කියාස් ( දෙහිවල) යන සැකකරුවන් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

(ඒෂියන් මිරර්)

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us