මැතිවරණ නිලධාරීන්ට මන්ත‍්‍රී සොහොයුරන් ගෙන් තර්ජන.

Published in පුවත්
Wednesday, 06 August 2014 19:42

නාමයෝජනා භාරදීමෙන් පසුව එක්සත් ජනතා නිදහස් සන්ධාන ආධාරකරුවන් පැවැත්වූ නීතිවිරෝධී පෙළපාලියක් වැළැක්වීමට පොලීසිය සමග ගිය සහකාර මැතිවරණ නිලධාරීන් දෙදෙනෙකුට එහි සිටි හිටපු පළාත් සභා අමාත්‍යවරයෙකු බැන තර්ජනය කර ඇතැයි  'කැෆේ' සංවිධානය පවසයි.

 මහියංගණය සිට බදුල්ල දෙසට නීතිවිරෝධී ආකාරයට පෙළපාලියක් පැමිණෙන බවට ලැබුණු පැමිනිල්ලක් මත මැතිවරණ නිලධාරීන් දෙදෙනා පොලීසිය සමග එම ස්ථානයට ගොස් තිබේ.

 සිද්ධිය වන අවස්ථාවේදී හිටපු පළාත් අමාත්‍යවරයාගේ සොහොයුරෙකු වන නිදහස් සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ද මෙම පෙළපාලියේ සිට ඇත.

මේ දිනවල පැවැත්වෙන උසස් පෙළ විභාගය හේතුවෙන් නාමයෝජනා භාරදීමෙන් පසුව පෙළපාලි නොයන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා සියලූම දේශපාලන පක්ෂවලට දැනුම්දී තිබිණ.

කෙසේ වෙතත් මැතිවරණ නිලධාරීන්ට බැන තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව මැතිවරණ කාර්යාලයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේය.

මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝග සහ බදුල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් ලබාදී ඇති  නියෝග නොතකා පක්ෂ සලකුණු සහිත ධජ සහිතව රැස්වී සිටි මෙම පිරිස විසිරුවා හැරීම සදහා ඉක්මන් පියවර ගන්නා  ලෙස කැෆේ  සංවිධානය,  බදුල්ල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලිඛිතව දැනුම්දී තිබිණ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us