ත්‍රස්ත විමර්ශනයෙන් සබරගමුවේ සිසුන් දෙදෙනෙකු උස්සලා

Published in පුවත්
Wednesday, 06 August 2014 16:25
සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවන වසර ඉගෙනුම බලමින් සිටි යෝගරාජ නිරෝෂන් හා තවත් එම වසරේම දෙමළ ජාතික සිසුවෙකු ඊයේ (05) සබරගමුව විශ්වවිද්‍යාලයේ තම දෙවන සමාසික විභාගය ලියමින් සිටින අතරතුර පැහැර ගෙන ගොස් ඇත.
 
මෙම සිසුන් දෙදෙනා ඊයේ පෙරවරු 11-12 පැය දෙක අතර මෙසේ පැහැර ගැනීමට ලක්වන්නේ විශ්වවිද්‍යාල පරිපාලනයේද අනුදැනුම ඇති ව බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සදහන් කර සිටී.
 
සිසුන් දෙදෙනාගේ විශ්වවිද්‍යාල හැදුනුම්පත් දෙක විශ්වවිද්‍යාල පරිපාලනය විසින් තම භාරයට ගෙන ඇත. පසුව මේ සම්බන්ධයෙන් පරිපාලනයෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී විශ්වවිද්‍යාල පරිපාලනය විසින් පවසා ඇත්තේ ඔවුන් සමනල වැව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවයි.
 
සරබගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් සිසුන් පිළිබද සමනල වැව පොලීසියෙන් තොරතුරු විමසා සිටියත් පොලීසියෙන් සදහන් කොට ඇත්තේ ඒ සම්බන්ධයෙන් නොවිමසන ලෙසය.
 
අනතුරුව ශිෂ්‍ය සංගම් නිලධාරීන් විසින් බලංගොඩ පොලීසියෙන් මේ සිසුන් පිළිබද විමසා සිටි අතර එහිදී ඔවුන් දැනුම් දී ඇත්තේ ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් ඔවුන් ප්‍රශ්න කිරීම් සදහා රදවා තබා ගෙන ඇති බවයි.
 
මේ වනවිට රදවා තබා ගැනීමට පැය 24ක් ඉක්ම ගිය ද සිසුන් නිදහස් කර නොමැති අතර සිසුන්ගේ දෙමාපියන්ට හෝ ඔවුන් සිටින ස්ථානය සම්බන්ධයෙන් දැනුම් දී නොමැති බව සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සාමාජිකයෙකු පැවසීය.
 
(theindependent)

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us