යහපාලනයේ ඔක්කොම කුණු අර්ජුන්ගේ ෆයිල් එකට.

Published in පුවත්
Wednesday, 15 June 2016 10:12

මහබැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගේ එම ධූර කාලය දීර්ග නොකර ඔහුව එම ධුරයෙන් ඉවත් කරන බවට ප්ර්කාශයක් ජනාධිපතිවරයා මෙම සති අන්තය තුලදී සිදු කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. මහබැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන්  අක්‍රමිකතා සිදුව තිබෙන බවට මේවන විට ආණ්ඩුවේම කොටස්, ඒකාබද්ධ විපක්ෂය නියොජනය කරන කොටස් හා නිල විපක්ෂය නියොජනය කරන ජනතා විමුක්ති පෙරමුණද දිගින් දිගටම පෙන්වා දෙමින් තිබේ.

එමෙන්ම මහ බැංකු අධිපතිවරයාගේ ධුර කාලය දීර්ග නොකරන ලෙස මේවන විට ජනාධිපති සම්බ්නධීකරණ ලේකම් ශ්‍රීරාල් ලක්තිලක ප්‍රමුඛ කණ්ඩායමකගේ මූලිකත්වයෙන් පවත්වාගෙන යන දූෂණ විරෝධි පෙරමුණ ද ප්‍රචාරක වැඩ සටහනක් දියත් කර තිබේ.

ඒ කෙසේ නමුත් අර්ජුන් මහෙන්ද්‍රන් ගේ ධුරකාලය දීර්ග නොකර ඔහුව ඉවත් කිරීමට කෙරෙන උද්ඝෝෂණිය ක්‍රියාමාර්ග දඩමීමා කරගෙන ඔහුව ඉවත් කිරීම මඟින් මේවන විට යහපාලන ආණ්ඩුවට එරෙහිව එල්ල වී ඇති සියලු චෝදනාවලින් නිදහස් වී ආණ්ඩුවේ , විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ පාර්ශ්වයේ සුද්දවන්ත භාවය ආරක්ෂා කර ගැනීමට හැකි බව ආණ්ඩුවේ ජේෂ්ඨ දේශපාලනඥයන් කිහිප දෙනෙකු පසුගියදා ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත. දුෂණ විරෝධී පෙරමුණේ විරෝධතා ව්‍යාපාරයද මේ අනුව සැලසුම් කළ දෙයක් බවද දැන ගැනීමට තිබේ.

පසුගිය රාජපක්ෂ ආණ්ඩුවේ වංචා දූෂණ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් ‍රැසක් සිටියද එම කිසිවකුට එරෙහිව නිසියාකාරයෙන් නීතිය ක්‍රියාත්මක වීමක් හෝ සිදුව නොමැති තත්වයක් තුල මහ බැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුවේ කොටස්කරුවන් වෙතින්ම මේ සිදු කෙරෙන ඊනියා දුෂණ විරෝධී උද්ඝෝෂණයන්ට මෙරට ජනතාව රැවැටිය හැකි බව මෙම කණ්ඩායම් වල පැහැදිලි මතය වී ඇත.
එමෙන්ම වත්මන් ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය වැඩපිලිවෙලක් නොමැතිකම මෙන්ම මේවන විටත් කෝටි ගනනින් කොල්ල කන යහපාලන ආණ්ඩුවේ දුෂිතයන් ‍රැසක් ගැනද තොරතුරු වාර්තාවීම නිසා යහපාලන ආණ්ඩුවේ කළු පැල්ලම් සියල්ල අර්ජුන් මහෙන්ද්‍රන් ඉවත් කිරීම හරහා සුද්ධ කර ගැනීමේ හැකියාවද ලැබේ. හිටපු මහ බැංකු අධිපතිවරයා වූ අජිත් නිවාඩ් කබ්රාල් ගේ සමයේදී මහ බැංකුවේ සිදුව තිබෙන අක්‍රමිකතා අර්ජුන් මහේන්ද්‍රන්ට එල්ල වන චෝදනා හා සලකා බැලීමේදී කිහිප ගුණයකින්ම වැඩිය. එහෙත් ඒ ගැන වගේ වගක් මේ දූෂණ විරෝධී ආණ්ඩුවට හෝ මේ ඊනියා සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්ට නැති බවත් පෙනී යයි. කබ්රාල්ට එරෙහිව මේ කිසිවකුත් මෙතරම් උද්ඝෝෂණය කරනවා අප දු‍ටුවේ නැත.

මේ සැලසුම් සහගත ක්‍රියාවලියක් බව වඩාත් පැහැදිලි වන්නෙ අර්ජුන් මහෙන්ද්‍රන්ව ඉවත් කිරීමෙන් පසුව එම තනතුරට පත් වන්නේ කවුද, සහ මෙරට මුල්‍ය වෙලඳපොළ නියාමනය කිරීමට ඇති වැඩ පිලිවෙළක් ගැන කිසිදු අදහසක් මේ කිසිවකුට නොමැති වීමය. එමෙන්ම අර්ජුන් මහෙන්ද්‍රන්ව ඉවත් කළ යුතු බවට චෝදනා කළත් ඔහු විසින් සිදු කර තිබෙන අක්‍රමිකතාවය කුමක්ද යන්න ඒ කිසිවකුත් හෝ මේ දක්වා ඔප්පු කිරීමට අසමත්ව තිබෙන නමුත් ‍ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බැඳුම්කර සම්බන්ධ ක්‍රියාවලිය තුල අක්‍රමිකතාවයක් සිදු නොවුන බවද පෙන්වා දී තිබේ.

කෙසේ නමුත් ආණ්ඩුවේ කුණු සේදීමේ සැලසුමට මේවන විට ජනතා විමුක්ති පෙරමුණ ද මහින්දවාදී ඒකාබද්ධ විපක්ෂයද දැන හෝ නොදැන හවුල් වී සිටින බව පැහැදිලිය. ඒ අනුව මේවන විට පැහැදිලිවම සම්මුතික ආණ්ඩුවක් නිර්මාණය වීමද සිදුව තිබේ.

Last modified on Wednesday, 15 June 2016 10:32

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us