බාන්ස් පෙදෙසේ ඉඩම් ආරවුල පි‍ටුපස මහින්දගේ හෙංචයියෙක්

Published in පුවත්
Tuesday, 14 June 2016 15:52

කොළඹ මහ නගර සභාව විසින් පවරා ගැනීමට යාමේදී අයිතිකරුවන් රැසක් ඉදිරිපත්වීම නිසා මහත් කලබැගෑනියක් බවට පත්වූ කොළඹ 07 බාන්ස්‌ පෙදෙසේ රුපියල් කෝටි 800 ක්‌ පමණ වටිනා ඉඩමේ ගනුදෙනු පිටුපස එවකට රාජපක්ෂ රෙජීමයේ සිටි ප්‍රබලයකුගේ සහ පාතාල හිතවත්කම් පැවති දුෂිත ව්‍යාපාරිකයෙකුගේ සම්බන්ධයක් ඇතැයි හෙළිවී තිබේ.

මේ බව හෙළිව ඇත්තේ වරිපනම් බදු නොගෙවීම නිසා රූට්‌ 3 යි පර්චස්‌ 31 ක්‌ පමණ වන එම ඉඩම පවරා ගැනීමට කොළඹ මහ නගර සභාවේ නිලධාරීන් පිරිසක් පසුගිය සිකුරාදා (10 ) එම ඉඩමට ගිය අවස්ථාවේදී ඇතිවූ ආරවුල පිළිබඳව සිදුකළ පොලිස් විමර්ශන වලදීය.

පොලිස් විමර්ශන වලදී හෙළිව ඇති ආකාරයට මිට දශක කිහිපයකට පෙර සිට මෙම ඉඩමේ පවුල් කිහිපයක් පදිංචිව සිට ඇත. පසුව මෙම ඉඩම පවරා ගැනීමට කොළඹ මහනගර සභාව උත්සහ කර ඇති නමුත් එවකට එම ඉඩමේ පදිංචිව සිටි පවුල් කිහිපයක්‌ ඉවත් කිරීමට නොහැකිවීම නිසා එය ව්‍යර්ථ වී ඇත.

නමුත් පසුකලෙක රුපියල් කෝටි ගණනක් වටිනා මෙම ඉඩම දෙහිවල ප්‍රදේශයේ 'ටයර්' ව්‍යාපාරිකයකු විසින් මිලදී ගන්නා අතර ඒ ලක්ෂ 500ක් වැනි මුදලක් ලබාදී එහි පදිංචිකරුවන් බලහත්කාරයෙන් එළවා දමමින්ය. මේ සඳහා ව්‍යාපාරිකයාට මැරබලය සපයා ඇත්තේ කුඩු ජාවාරම්කරුවන් සහ පාතාල නායකයින් සමඟ සමීප සබඳතාවක් පැවැත්වූ රාජපක්ෂ රෙජීමයේ දේශපාලන ප්‍රබලයා විසින්ය.

එසේම ටයර් ව්‍යාපාරිකයාට ඒ වෙනුවෙන් මුදල් ලබාදී තිබෙන්නේ කුඩු ජාවාරම්කාර වෙලේ සුදා විසින් වන අතර ඒ වෙලේ සුදාට 'ටයර්' ව්‍යාපාරිකයාගේ බිරිඳගේ නැගණිය සමග තිබු සමීප ඇසුර මත පදනම්වය.

මේ අයුරින් ඉඩම මිලදී ගත් ටයර් ව්‍යාපාරිකයා පසුව එය මෙම ඉඩම අති විශාල මුදලකට රිසාන් නමැති වාහන සෙල් කරුවකුට විකුණා තිබේ. රාජපක්ෂ පාලනය බිඳ වැටීමෙන් අනතුරුව, මෙම ඉඩමේ සිටි පවුල් තම භුක්තිය ඉල්ලා උද්ඝෝෂණය කරද්දී එම ව්‍යාපාරිකයා ඉඩම වටා උස්‌ තහඩු ගසා මුරකාවල් යොදවා තිබිණි.

මේ පිළිබඳව ඉදිරියට ගතහැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නගර සභාවේ නීති අංශය වැඩිදුරටත් කරුණු හදාරමින් සිටින බවද වාර්තා වෙයි.

මේ කොළඹ ඉහළ ආර්ථික වටිනාකමකින් යුතු ඉඩම් කොල්ලයේ එක් සිදුවීමක් පමණක් වන අතර කොල්ලුපිටිය ඇතුළුව මෙරට ආර්ථික මර්මස්ථාන ආශ්‍රිත ඉඩම් මංකොල්ල බොහෝ ගණනක් සිදුව ඇත. මේ වන විට ඒ පිළිබඳ වාර්තා නොවන්නේ ඒවායේ නියම හිමිකරුවන් ඝාතනය කර සහ ජීවිතාරක්ෂාව පතා රට අත්හැර ගොස් ඇති නිසා වන අතර කොළඹ පිහිටි ඉඩම් ආශ්‍රිතව නියමාකාරයේ විමර්ශනයක් සිදුකළහොත් ඒ පිළිබඳවද හෙළිකර ගත හැකිය. එහෙත් ගැටලුව වනුයේ කොළඹ පමණක් නොව 70 දශකයෙන් අනතුරුව මෙරට ඉඩම් ප්‍රතිසංස්කරණ කාර්ය භාරය සිදු නොවීමය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us