ජනපතිගේ බොරු පොරොන්දුවලට යාපනයෙන් විරෝධයක්

Published in පුවත්
Saturday, 18 June 2016 16:27

නවීකරණය කරන ලද යාපනය දොරෙයප්පා ක්‍රීඩාංගණය විවෘත කිරීම සඳහා අද දින යාපනයට පැමිණෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට උතුරේ සිවිල් සංවිධාන වල බලවත් විරෝධය පලකර ඇති බව වාර්තාවේ.

විශෙෂයෙන්ම ජනාධිපතිවරයා මීට පෙර අවස්ථා කිහිපයකදී උතුරට ගොස් යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවට දුන් පොරොන්දු කිසිවක් මේ දක්වා ඉටු නොකිරීමත් මෙතෙක් ලැබෙමින් තිබුණ සහනාධාරද කප්පාදු කිරීමක් සිදුව තිබිමත් මේ විරෝධයට හේතුවී තිබේ.

එසේම මෙම ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගේ මෙවර සංචාරයේදී සාකච්ඡා කිරීමට සිවිල් සංවිධාන අවස්ථාවක් ඉල්ලා තිබුණද එය ලබා දිමටද කටයුතු කර නොමැත.

මේ වන විට යුද්ධයෙන් අවතැන් වූවන් දසදහසකට ආසන්න පිරිසක් සිටී. රාජය විසින් අල්ලා ගන්න ලද ඔවුන්ගේ ඉඩම් සඳහා විකල්ප ඉඩම් හෝ මේ වන තෙක් ලබා දිම සිදුව නොමැත.

මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ එම සංවිධාන නියෝජිතයකු කීවේ අවතැන් ජනතාව යුධ හමුදාව භාරයේ ඇති තමන්ගෙ මුල් ඉඩම් වල පදිංචියට යැමට සූදානමකින් පසු වන බවය. හමුදාවේ විරෝධය නොතකා එම ඉඩම් වලට ඇතුවීමට ඇතැම් කණ්ඩායම් මේවන විට තීරණය කර ඇති නිසා යළි හමුදාව හා ගැ‍ටුමක් ඇතිවන්නට පෙර මේ ප්‍රශ්ය විසඳිම සඳහා ජනධිපතිවරයා වහා මැදිහත් විම ඔවුන් බලාපොරොත්තු වන බවත් ඔහු පැවසීය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us