ලංකාවේ අතුරුපසට වැඩිම වටිනාකම මිලියන 1.8යි

Published in පුවත්
Tuesday, 05 August 2014 13:23
ගාල්ලේ ෆොර්ට්‍රස් රෙසොර්ට් අවන්හල මගින් ශ්‍රී ලංකාවේ වැඩිම වටිනාකමකින් යුත් අතුරුපස පිළියෙළ කොට තිබේ.
 
රිටිපන්න ධීවරයෙකුගේ හැඩයට තනා ඇති මෙම අතුරුපස ඔවුන් මිලකොට ඇත්තේ රුපියල් මිලියන 1.8ක මුදලකටය.
 
රිටිපන්න ධීවරයෙකුගේ හැඩය චොක්ලට්වලින් සාදා තිබෙන අතර ඉතලියානු කැසෙටා රස සහිත අයිරිෂ් අයිස් ක්‍රීම් සහ අඹ රස සහිත ව මෙම අතුරු පස සකසා තිබේ.
 
මෙම අතුරුපස සමඟ කැරට් අසුවේ නිල් මැණික් ගලක් ද පිරි නැමෙන අතර එම මැණික් ගල හේතුවෙන් මෙහි වටිනාකම ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
 
ගාල්ලේ ෆොර්ට්‍රස් රෙසොර්ට් අවන්හලේ ආහාර කළමනාකාර අසේල රාජකරුණා මහතා ලංකාපුවත් සේවයට ප්‍රකාශ කළේ, world most expensive dessert යන තරඟයට මෙම අතුරුපස තේරුණු බවයි. ඒ අනුව විවිධ අතුරුපස අතුරින් fox සඟරාව ගාල්ලේ ෆොර්ට්‍රස් රෙසොර්ට් අවන්හල මගින් සෑදු අතුරුපස තෝරා ගෙන ඇත.
 
මෙලෙස තෝරාගැනීමට ප්‍රබල හේතුව නම්, තරඟයට ඉදිරිපත් වූ අනෙකුත් අතුරුපසවල තේමාවක් නොමැති වීම සහ ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් වූ අතුරුපසෙහි තේමාවක් යුක්තවීම බවද සැලකේ.
 
ෆොර්ට්‍රස් රෙසොර්ට් අවන්හල මුහුදට ආසන්නවීමත්, රිටි මත හිඳ ධීවරයින් මාළු ඇලිලීමත් යන කාරණා මත තේමාවක් ගොඩනඟා ගත් බව අසේල රාජකරුණා මහතා කියා සිටියේය.
 
ලොව වටිනා චොක්ලට් සහ සෝස් භාවිත කර මෙම අතුරුපස සකසා තිබේ. ඇකියුමරීන් යන (කැරට් 80ක) ගලද මේ සඳහා යොදාගෙන තිබේ.
 
ඒ මහතා කියා සිටියේ මෙම අතුරුපස හේතුවෙන් ශ්‍රී ලංකාව වඩාත් කැපී පෙණුනු බවත් මෙරට සංචාරක ව්‍යාපාරය පිළිබඳ වෙළඳ දැන්වීමක්වූ බවත්ය. එමගින් ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය ලෝකයට ප්‍රචාරණය වීමක් ද සිදු විය.
 
2009 වර්ෂයේ සිට ශ්‍රී ලංකාව මෙම අතුරුපස තරඟය නියෝජනය කර ඇත. එසේම මෙම අතුරු පසේ තවම විකිණී අතුරුපස 02ක් පමණි.
 
ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාර වඩා ඉහළ මට්ටමක පවතින බවට ලොවට කැපී පෙනෙන අන්දමින් යමක් ඉස්මතු කර පෙන්වීම හැර මෙම අතුරු පස  විකුණන භාණ්ඩයක් ලෙස අලෙවි කිරීම අපහසු බවද අසේල රාජකරුණා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
(ලංකා පුවත් )

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us