අල්ලස් ගත් සුරා බදු ලොක්කා රිමාන්ඩ්

Published in පුවත්
Tuesday, 05 August 2014 13:16
අල්ලස් ලබාගත් බවට චෝදනා එල්ලවී ඇති සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති රොෂ්මන් ප්‍රනාන්දු ලබන 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය නියෝග කර තිබේ.
 සැකකාර සුරාබදු නිලධාරියා ඊයේ (04) රුපියල් 50,000ක අල්ලසක් ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම නිවේදනය කර තිබේ.
 
නීති විරෝධී ලෙස මත්පැන් නිෂ්පාදන‍ය කරන කළුතර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට එරෙහිව නීති මගින් කටයුතු නොකිරීම සඳහා අදාළ නිලධාරියා රුපියල් ලක්ෂ 5ක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇති බව සඳහන්ය. 
 
ඒ අනුව එයින් ලක්ෂ හතර හමාරක්ම මීට කලින් අදාළ පුද්ගලයාගෙන් ලබා ගැනීමට හෙතෙම සමත්ව ඇති අතර ඊයේ එම ලක්ෂ පහේ ඉතිරි මුදල වන රුපියල් 50,000 ගැනීමට සැලසුම් කර තිබී ඇත. 
 
ඒ අනූව ඩබ්ලිව්.ඒ.ඩී. රාමනායක මාවතේ පිහිටි පෞද්ගලික දුරකථන සමාගමකට අයත් ආපනශාලාවක් තුළදී ඉතිරි රුපියල් 50,000 මුදල ලබා ගනිමින් සිටියදී සැකකරු අත්අඩංගුවට පත්විය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us