ඇගේ වැඩිමහල් සොයුරාගේ විවාහ මංගල්‍ය උත්සවය 24 දින උකුවෙල, වරාපිටිය බන්නැහැක වලව්වේ පැවැත්විණි. මංගල ප්‍රිය සම්භාෂණයට සහභාගිවූ පිරිසකගෙන් සහ වලව්වේ පදිංචිකරුවන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සාක්ෂි සටහන් කර තිබේ.
තරුණියගේ මරණය හිසට මොට ආයුධයකින් පහරදීමෙන් සිදුවූ මරණයක් බව මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය ඩී. එල්. වෛද්‍යරත්න මහතා විසින් ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවෙන් ප්‍රකාශ කර තිබේ.
ඇගේ සිරුරේ දැවටී තිබූ පිරිමි රෝම කූපය ඔස්සේ අභිරහස් මරණයේ තොරතුරු සොයා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වති.