මෛත්‍රීගේ කරේ හණමිටි. වටේ බහුභූත උපදේශකයෝ.

Published in පුවත්
Saturday, 09 January 2016 12:56

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පළමු පදවි ප්‍රාප්තිය සිදුවන විට ඔහුව ‘සිංහල බෞද්ධ විගඩමක්' බවට පත් කිරීමට ඔහු වටා සිටින උපදේශකයන් රොත්ත සමත් වී ඇත. පදවි ප්‍රාප්ත උළෙල පදවි ප්‍රාප්ත ගිතය හා සියලු ප්‍රචාරක කටයුතු වලින් සිදුව තිබෙන්නේ ජනාධිපතිවරයා විසින් පසුගිය වසරේ ජනවාරි 08 වන දින රට, ලොව හමුවෙ පෙන්වනු ලැබු නූතන ප්‍රජාතන්ත්‍රවාදී නායකයකුගේ තේජස, විගඩම්කාරයකුගේ විකාර නාගඩමක් බවට පත්වීම හැර වෙන කිසිවක් නොවේ.

මෙම පදවි ප්‍රාප්තිය වෙනුවෙන් සිදුකරනු ලැබු සියලු කටයුතු වලින් ජනාධිපතිවරයා එක් වසරක් තුල මහා ප්‍රජාතන්ත්‍රවාදියකු ලෙස ගොඩනගා ගත් පෞර්ෂය එක ‍රැයකින් විගඩම්කාරයකු කරනු ලැබීමේ මෙහෙයුම ප්‍රචාරක ක්ෂෙත්‍රයේ කටයුතුවලට සම්බන්ධ හෝ සම්බන්ධ වීමට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයන්ට නම් හැදැරීමට වටිනා එකකි.

මෑත කාලයේ මෙවැනි බහුභූත ප්‍රචාරක ව්‍යාපාරයක් අප දු‍ටුවේ නැත. පසුගිය රාජපක්ෂ රෙජීමය සමයේදී මහින්දව රජෙකුට ඇන්දවීම ඉතා සියුම්ව ක්‍රමානුකූලව ඉහළ තාක්ෂණික හා සංකල්පීයම ලෙස දියුණු ප්‍රචාරක උපක්‍රම අනුව සිදු විය. අදටත් මහින්ද රට බේරා ගත් මහ රජ්ජුරුවන් ලෙස සැලකෙන්නේ එම ප්‍රචාරක ව්‍යාපාරයේ තිබූ ශක්තිමත් භාවයය. ඒ අහලකින්වත් මේ මෛත්‍රීගේ විගඩම් ප්‍රචාරක ව්‍යාපාරය තැබිය නොහැක.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයද මෙලෙසම බහුභුතයන් අත පැවැති අතර ඔහුට වාසිදායක වුයේ 'අපමණ අගයක් රටකට ඕනෑ..‘ ආදි වශයෙන් සිදු කෙරුණු තේමා ගීතයම පමණකි. එය තමන්ගේ පරාජය කෙරෙහි දැඩිව බලපෑ බව මහින්ද පාර්ශ්වය පවා පිලිගත් කරුණකි.

අපට දැනෙන ආකාරයට ජනාධිපතිවරයා කරන්නේ කුමක්ද කියන්න කුමක්ද යන්න ගැන ඔහුටවත් තේරුමක් ඇත්තේ නැත. නැත්නම් ඔහු වටා සිටින බහුභූත උපදේශයන්ට ඔහුව හිතෙන හිතෙන ලෙස අන්දන්නට ඉඩදී ඔහු බලා සිටිනවාද විය හැකිය. කොහොම නමුත් මෙවර පදවිප්‍රාප්තයේ කටයුතු ජනාධිපතිවරයාගේ දැනුම්වත් භාවය හෝ ආශිර්වාදය ඇතිව සිදුවූවා නම් රටටම අබසරණයි කියනවා හැර අපට කීමට දෙයක් නැත.

පසුගිය ජනවාරි 08 වැනිදා වියරු රාජපක්ෂ රෙජීමය පරදවා ලත් ජයග්‍රහණය විසින් ඉල්ලා සිටියේ මෙවැනි සිංහල බෞද්ධ විගඩම් පාලකයකු නොවේ. හණ මිටි කර ගහගෙන යන මෝඩ පාලකයකු නොවේ. අවශ්‍ය වූයේ නූතනවාදී පාලකයෙකි. ලෝක යතාර්තය පිලිගත හැකි පාලකයෙකි. මේ ගෝත්‍රික රට ශිෂ්ඨ සම්පන්න යුගයක් දක්වා ගෙන යා හැකි පාලකයෙකි. ඒ සඳහා ශක්තිමත් කෂේරුකාවක් ඇති නායකයකි. ප්‍රජාතනත්‍රවාදය යන්න ප්‍රායෝගික යතාර්ථයක් ලෙස ජනතාව හමුවේ තැබිය හැකි පාලකයකි.

රාජපක්ෂලා සිංහල බෞද්ධ වෙස් මූණූ දමා ගත්තේ උපක්‍රමික දේශපාලන වුවමනාවන් වෙනුවෙන් මිස අවංකව නොවේ. ඒ ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් යොදා ගත් අතර අවසානයේ රට වර්ගවාදී වෛරයෙන් පුරවනු ලැබිණි. අදත් එයින් රටට ගැලවිය නොහැකිව තිබේ. කොටින්ම ජනාධිපතිවරයා හා ඔහුගේ බහුභූත උපදේශකයන්ද එහි ගොදුරු බවට පත්ව ඇති බව ඉතාම පැහැදිලිය. එය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හෝ ඔහුගේ බහුභූත උපදේශකයන් තවමත් නොදන්නවාට සැකයකුත් නැත. නැත්නම් මෙවැනි විගඩම් සිදු කරන්නේ නැත. තමන්ගේ හුදු දේශපාලන පැවැත්ම ගැන පමණක් හිතන ඒකාධිපති මෝඩ පාලකයකුට නම් මේවා ගැලපෙන වැඩය. එමෙන්ම එය මානසික රොගී තත්වයකි.

පිස්සකු යටතේ පාලනය වන්නට තරම් තවම රට අවාසනාවන්ත නැතැයි කල්පනා කරමු. කොහොම නමුත් ජනාධිපතිවරයා තමන් කරන්නේ කුමක්ද කියන්නේ කුමක්ද යන්න ගැන දැන්වත් සිහිබුද්ධියෙන් කල්පනා කරන්නේ නම් ඒ රටේ ජනතාවගේ වාසනාවක් විය හැකිය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us