වර්ණසිංහගේ කට වට කර වැට බඳියි

Published in පුවත්
Wednesday, 06 January 2016 16:28

වැය ශීර්ෂ පරාජය වීමේ ප්‍රතිඵලයක් ලෙස බස්නාහිර පළාත් සභාවේ සිය ඇමති ධූරය අහිමිකරගත් නිශාන්ත වර්ණසිංහ මහතා අද ඒ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කිරීමට උත්සහ කල අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ඒකාබද්ධ විරෝධය හමුවේ එය හකුලාගන්නට ඔහුට සිදුවී ඇත.


කුමන්ත්‍රණයක් සිදුකරමින් තමන්ගේ ආමාත්‍යංශවල වැය ශීර්ෂ පරාජය කිරීම සහ තමන්ට නොදන්වාම ඇමතිධූර වලින් ඉවත්කිරීමත් පදනම් කරගෙන මෙසේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් හෙතෙම සභාව තුල ප්‍රකාශයක් කිරීමට අවස්ථාව ඉල්ලා සිටියහ. නමුත් ඒ සඳහා දෙපාර්ශවයෙන්ම දැඩි විරෝධයක් මතුවූ අතර සභාපතිවරයා විසින් වර්ණසිංහ හිටපු ඇමතිවරයාගේ කතාව වලක්වන ලදි.


පළාත් සභා මන්ත්‍රීවරුන් වන මෙරින් පෙරේරා,මහේෂ අල්මේදා සහ ගුණසිරි ජයනාත් යන අය එම ප්‍රකාශය සිදුකිරීම වලක්වන ලෙස දැඩිසේ පළාත් සභාවේ සභාපතිවරයාගෙන් ඉල්ලා ඇත.


යහපාලන රජය තුල ජාතික හෙළ උරුමයට ඇති තැන කෙමෙන් කෙමෙන් නැතිවීයන බව අමාත්‍ය චම්පක රණවකගේ ලඟම සගයා වන නිශාන්ත වර්ණසිංහට අත්වූ ඉරණම තුලින් පෙනෙන්නට ඇත. කෙසේ වෙතත් මහ ඇමතිවරයා විසින් පවරාගත් අමාත්‍යංශවල වැය ශීර්ෂ සම්මතකරගැනීමෙන් පසු පුරුදු පරිදි කටයුතු කරමින් සිටියි.

Last modified on Wednesday, 06 January 2016 16:34

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us