කළු කොඩි උස්සපු ගම්මන්පිල කිචවෙයි

Published in පුවත්
Wednesday, 06 January 2016 16:03

උදය ප්‍රභාත් ගම්මන්පිල දේශපාලනයට එන්නේ ලංකාවේ සිංහල බෞද්ධයා පණ ගසා පැමිණි ගංගොඩවිල සෝම හිමියන්ගේ අපවත්වීමත් සමග මතුවුණ හෙළ උරුම දේශපාලන ගමනත් සමගය. සිහළ උරුමයේ අංකොං වලට ගෑවි සිටියත් ගම්මන්පිලට තැනක් ලැබෙන්නේ හෙළ උරුමයෙන්ය. සිංහල ජාතිවාදය සිය ආයුධය කර ගනිමින් දේශපාලනය ඉහළ තැනකට යන්නට වලි කෑ ගම්මන්පිලට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනය තුරුම්පුවක් විය. 

රාජපක්ෂ රෙජීමය පරාජය කර ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා මෙරට බහුතරයක් ජනතාව පය තැබූ දිනය ජනවාරි 8 දින ඉතාමත් චාම් ලෙස සැමරීමට සූදානම් වෙද්දි පරාජයේ වියරු සිහිනයෙන් අවදිවී නැවත යන එන මං සොයන ගම්මන්පිලලාට කළු කොඩි දමන්නට ආසාවක් ඇතිවිය. කළු කොඩි සතියක් ලෙස නම්කර එයට ප්‍රචාරණයක් දෙන්නට උත්සහ කලේද තනි ගම්මන්පිලමය.


තමන්ගේ ගෙදරදී තමන්ගේම වාහනයේ කළු කොඩි දමා තමන්ගේම ෆේස්බුක් පිටුවෙන් වැඩේ පටන් ගත්තද ඔහුගේම හිතවත් පාර්ලිමේන්තු මන්ත්රීාවරු පවා කළු කොඩියට පයින් ගසා ඇත්තේ ගම්මන්පිල අතරමග අනාථකර දමාය.

ගෙදර,වාහනයේ බැරිනම් ෆේස්බුක් එකේ හෝ කළු කොඩි දාන්නට කියා පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටියද විලිලෑ තරමට හූණු පැටියා ලොකු නැති බව පෙන්වාදී ඇත.
හරීන් කිව්වේ කළු කොඩි වෙනුවට ලඟදිම සුදු කොඩි දමන්නට ගම්මන්පිලලාට සිදුවන බවයි.

ගම්මන්පිල වන් මෑන් ෂෝ සිදුකරන්නට ගොස් සුපුරුදු ලෙසම නාගත්තේද තනියම බව පමණක් ලියා තබන්නට කැමැත්තෙමි.

Last modified on Wednesday, 06 January 2016 16:26

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us