ගුණරත්නම්ව 08 වෙනිදා නිදහස් කරතැයි බියෙන් ජවිපෙ මඩ ව්‍යාපාරයක් ආරම්භ කරයි

Published in පුවත්
Wednesday, 06 January 2016 12:17

පෙර‍ටුගාමි සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතාට ලබන 08 වන දිනට යෙදෙන මීළඟ නඩු දිනයේදී ඇප ලබා දීමත් ඔහු විසින් ඇයදුම් කර තිබෙන අපරිදි මේ රට පුරවැසිභාවය ලබා දීමටත් රජයට සිදුවනු ඇති බවට මේවන විට විවිධ මත පල වී තිබීම නිසා ජනතා විමුක්ති පෙරමුණ බරපතල ලෙස කලබල වී සිටී.

මේ හේතුව මත ගුණරත්නම් මහතව නිදහස් කරනු ලබන්නේ අධිකරන ඇමැතිවරයා හා අගමැතිවරයා සමග වන දේශපාලන ඩීල් එකක් මත බවට ජවිපෙ විසින් නඩත්තු කරනු ලබන ෆෙස්බුක් පි‍ටු හරහා ප්‍රචාරයන් ගෙනයමින් සහ ප්‍රාදේශීය පක්ෂ සාමාජිකයන් වෙත ඒ බව ප්‍රචාරය කරන ලෙසත් දැනුම් දි තිබෙන බව අප වෙත වාර්තාවේ.


ගුණරත්නම් මහතා අත්අඩංගුවේ පසුවන්නේ නිතිවිරෝධි තත්වයන් හමුවේ බව නීතිවේදීන් පැහැදිලිව පෙන්වා දී තිබියදීත් තව දුරටත් අත්අඩංගුවේ රඳවාගෙන තිබීම සම්බන්ධයෙන් ගැටලුකාරී බව ආණ්ඩුවේම දේශපාලකයන් කිහිප දෙනෙකු විසින්ද පසුගියදා ප්‍රසිද්ධියේම පිළිගනු ලැබ තීබිණි.

කෙසේ නමුත් අප විසින් මීට පෙරද වාර්තා කරනු ලැබූ ලෙසම ගුණරත්නම් මහතාව අත්අඩංගුවට ගැනීම සිදු කරනු ලැබුවේ තමන් වාමාංශික නායකයකු යැයිද 2020 දී අගමැති වෙන බවට පුරසාරම් දොඩමින් සමාජය හමුවේ පෙනී සිටින පක්ෂයක නායකයකු විසින් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයට කරනු ලැබූ ඉල්ලීමක් මතය.

පසුගිය රාජපක්ෂ රෙජීමය අවදීයේ ද ගුණරත්නම් මහතාව අත් අඩංගුවට ගනු ලැබුවේ එවකට ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාට ජවිපෙ නායක අනුර කුමාර දිසානායක විසින් කළ බැගැපත් වීමක් මත බවට රාජපක්ෂ මහතා විසින් පසුගියදා හෙළි කර තිබිණි.

jvp

Last modified on Wednesday, 06 January 2016 12:55

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us