අද දහවල් එම ආපන ශාලාවෙන් කෑම පාර්සලයක් ගත් ලංකාවේ ප්‍රකට දුරකථන සමාගමක ප්‍රධානියෙකුට ලැබී ඇත්තේ මැස්සන් සහිත ලම්ප්රයිස් පාර්සලයකි. ඔහු මේ පිළිබඳව අදාළ ආයතනයේ ප්‍රධානීන්ට පැමිණිලි කර ඇත.
කේ. ඒ. චාල්ස් පෙරේරා මහතා විසින් කොල්ලුපිටියේ දී ඇරැඹු පෙරේරා සහ පුත්‍රයෝ බේකරි සමාගමට (පෙරේරා ඇන්ඩ් සන්ස් බේකර්ස්) මේ අගෝස්තු මාසය වනවිට වසර 111 සපිරේ. දිවයින පුරා අවන්හල් ජාලයකින් සමන්විත පෙරේරා ඇන්ඩ් සන්ස් සමාගම ළඟදීම සිය ව්‍යාපාරික කටයුතු මාලදිවයින කරා ද ව්‍යාප්ත කිරීමට අදහස් කරයි.