කෝටි 25ක් ගැන කතා කරන්නට ගොස් බයියන් හත් පොළේ ගා ගනී

Published in පුවත්
Wednesday, 07 October 2015 22:51

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තමන්ගේ වියදම් සඳහා අතිරේකව රුපියල් කෝටි 25ක් පාර්ලිමේන්තුවෙන් වෙන් කරගත්තාය, ලිමොසින් රථයක් හා බී එම් ඩබ්ලිව් යතුරු පැදි 12ක් ගෙනාවාය කියමින් විමල් වීරවංශගේ ලිං මැඩි බලකාය හා මහින්දගේ මැදගේ බයියන් සෙට් එක මේ වන විට ෆේස් බුක් හී පොඩි ආතල් එක්ක ගනිමින් සිටින හැටි දු‍ටුවාම දුකේ බැරිය.


මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නිල නිවස අලුත් වැඩියා කිරිමට රුපියල් මිලියන 180ක්(Rs. 180,688,000) වැය කිරීම ඇත්තකි. ජනාධිපතිවරයා තමන්ගේ පදිංචිය සඳහා ජනාධිපති මන්දිරය යොදා නොගත්තේ එහි මාසික වියදම කෝටි එකහාමාරක් පමණ වන බැවිනි. ඒ වෙනුවට පැරණි නිවාස දෙකක් එක් කොට රටේ ජනාධිපතිවරයකුට සුදුසු පරිදි ප්‍රතිසංස්කරණය කිරීම සිදු කළේය. මේ පෞද්ගලික නිවහනක් නොව රජයේ නිවහනකි.

ජනාධිපතිගේ නිල නිවස යනු ජනාධිපති ගේ එම බිරිඳගේ හා දරුවන්ගේ පදිංචිය සඳහා පමණක් සැකසෙන නිවහනක් නොවේ. රාජතාන්ත්‍රික කටයුතු, සාකච්ඡා සම්මන්ත්‍රණ, කාර්යාලමය කටයුතු, කාර්ය මණ්ඩලයට පහසුකම් ආදී වශයෙන් වූ විශාල නිවහනකි. ඒ වෙනුවෙන් කෝටි 18 ක් කියන්නේ සාමාන්‍ය මුදලකි. නිවසේ ඉදිකිරීමේ කටයුතු සිදු කළේ චීන සමාගම් නොව රජයේ මධ්‍යම ඉන්ජිනේරු කාර්යාංශය මඟිනි.එම නිසා එතැන සත පහක හෝ කොමිස් වංචාවක් වන්නට ඉඩක් ද නැත.

පැරදුන මහින්ද රාජපක්ෂ කොලඹ ගෙයක් නෑ කියමින් ඒ එස් පී ලියනගේ ගේ නිවසක් (පීකොක් පැලස් ) මිළදී ගැනීමට සූදානම් වූයේ කෝටි 45 කටය. එහෙත් ඊටද වංචාවක් කිරීමට ගත් උත්සාහය නිසා ලියනගේ මහින්දට ඒ නිවසේ ගේට්‍ටුවෙන් මෙහාට එන්නට ඉඩ දුන්නේ නැත.

ඒ නිසා මේ කෝටි 18 කතන්දරය බයියන්ගේ නොදන්න කමේ ප්‍රකාශයක් මිස වෙනකක් නොවේ.

මීළඟට ලිමොසින් රථය හා යතුරු පැදි 12 ගැන ඇත්තේ අපූරු කතාවකි. මේ වාහන ඈනවුම් කර තිබුණේ මහින්ද රාජපක්ෂ විසිනි. ඒ ඔහුගේ සංදර්ශනකාමය නම් මානසික රෝගය නිසාය. මේ රෝගයට වන්දි ගෙවන්න සිදු වුණේ වත්මන් පාලකයන්ටය. සුඛෝපභෝගි ලිමොසින් (limousine)රථයක් මිලදි ගැනිම සදහා මිලියන 70ක්(Rs. 70,600,000) මේ වනවිටත් වෙන්කරගෙන් තිබේ.මිට අමතරව BMW R 1200 වර්ගයේ මොටර් සයිකල් 12ටද ගැනිමට ද මුදල් වැය කිරීමට සිදුව තිබේ.. මාස තුනකට අධික කාලයක් වරායේ තිබීම නිසා ප්‍රතිඅපනයනය කිරීමේ හැකියාවද අහෝසිවී තිබිණි.වරායේ දිර දිරා තිබුණු මේ වාහන ජනාධිපති කාර්යාලයට අනුයුක්ත කොට සේවය සඳහා යොදා ගැනීම නිවැරදි පියවරකි.

 



Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us