පරිසර අමාත්‍යංශ උපදේශකයෙකුට ජිෆී සමාගමෙන් ලොකු කුට්ටියක් දීලා

Published in පුවත්
Wednesday, 07 October 2015 08:07

පරිසර අමාත්‍යංශයේ උපදේශකයකු ලෙස කටයුතු කරන ප්‍රකට පරිසරවේදියකුට විශාල මුදලක් ගෙවා ජිෆී සමාගම සම්බන්ධයෙන් එල්ලවන විරෝධය යටපත් කිරීම සඳහා පරිසර අමාත්‍යංශයත්, මධ්‍යම පරිසර අධිකාරියත් අක්‍රීය කිරීමට කටයුතු යොදමින් තිබෙන බව විශ්වාසනීය තොරතුරු මාර්ග ලංකා ඩේලි වෙත අනාවරණය කර සිටී.

මීට දින කිහිපයකට ඉහතදී මධ්‍යම පරිසර අධිකාරියේ හා පරිසර අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් කැලණි ගඟ සම්බන්ධයෙන් හා දැදුරු ඔය සම්බන්ධයෙන් තිබෙන චෝදනා ගැන වහාම ක්‍රියාත්මක විය යුතු බව සාකච්ඡා කරද්දී මේ උපදේශකවරයා පවසා ඇත්තේ පරිසරවේදී කියන්නේ බොරු බවත් ඔවුන් තරගකාරී ආයතනවලින් මුදල් ගෙන මේ කටයුත්තේ නියැලෙන බවත්ය.

මේ අපූරූ උපදේශයන් පසුව මධ්‍යම පරිසර අධිකාරිය මාධ්‍ය සඳහා ප්‍රකාශ ලබා දීමේදී මේ උපදෙශකයා දුන් උපදෙස් අනුව කටයුතු කර තිබේ. කැළණි ගඟ හා දදුරු ඔය සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවීමටද මෙම නිළධාරීන් මේවන විට තීරණය කරද ඇත.

කොකා කෝල සමාගමට හෝ ජිෆී සමාගමට තරගකාරී ආයතන තිබේ යැයි සලකා සිදුවන පරිසර විනාශය ඊට හෙට්‍ටු කිරීමට තරම් මේ තක්කඩි වූ නිලධාරීන් රොත්තක් සමඟ පරිසර ඇමැති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතුකරන්නේ කෙසේ දැයි අපි නොදනිමු. වේදිකාවක් වේදිකාවක් ගානේ පරිසරය මත්තේ නැහෙන්න හදන ජනාධිපතිවරයා මේ තක්කඩියන් විසින් තව වැඩි කලක් යන්නට කලියෙන් ඔහු බොරුවලකට ඇද දමනු පැහැදිලිය. ජනාධිපතිවරයා විසින් පළමුව කළ යුත්තේ තම අමාත්‍යාංශයේ වල් පැලෑටි ටික සුද්ධ බුද්ධ කර ගැනීමය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us