නාමල් කළ වැඩේ කැතයි

Published in පුවත්
Monday, 04 August 2014 14:47
පසුගියදා නාමල් රාජපක්ෂ හා ඉරාජ් වීරරත්න  කොළඹ බාලිකා පාසල් කිහිපයකට ගොස් රග්බි ප්‍රවර්ධන වැඩසටහනක නියැලුණු බවත් එහිදී ගායකයා තමන්ගේ ගීත තම ජංගම දුරකථනයෙන් වාදනය වීමට සලස්වා ඇති බවත්, එම ගීතවල අඩංගු පදපේලි වන මගේ ස්වීටි මැණික උම්ම දෙන්න යන ගීත කණ්ඩ සිසුවියන් ඉදිරියේ ගායනා කිරීම පිළිකුල් සහගතව හෙලා දකින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් පවසයි.
 ඔහු මේ අදහස් පළ කර සිටියේ  අද (04) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.
 
වැඩිදුරටත් අදහස් දැක්වූ වැඩිදුටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ  පාසල්වලට පුස්තකාලය සදහා පොත් ලබාදීමට උනන්දු වෙන්නෙකුට, නාට්‍යක් ප්‍රදර්ශනය කිරීමට පවා පාසලට ඇතුලු වීමට අධ්‍යාපන අමාතංශයේ අවසරය අවශ්‍ය බවත් එවැනි නීති රීති ගොඩනගා ඇත්තේ පාසල්වල විනය ආරක්ෂා කිරීමට බවත්ය. 
 
මෙවන් වාතාරණයක් යටතේ කොළඹ ප්‍රසිද්ධ බාලිකා පාසල් කිහිපයකට ගායකයා සහ ඇතුළු වන නාමල් රාජපක්ෂ විසින් සිදුකරනු ලැබූ ක්‍රියාකලාපයන් පාසල් විනයට පටහැනි ඒවා වන අතර ම ඒවාට එම පාසල්වල විදුහපතිනියන් ඉඩකඩ අවකාශ ලබාදීම හෙළා දකින බවත් සදහන් කොට සිටියේය.
 
මෙම රග්බි ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කළ පාසල්වල නාම පුවරු  ප්‍රවෘත්ති සඳහා වීඩියෝ ගත කිරීමට ගිය මාධ්‍ය සඳහා ඇතැම් පාසල් බළධාරීන් බැන වැදීම හෙලා දකින බවද අකිල විරාජ් මන්ත්‍රීවරයා ප්‍රකාශ කොට සිටියේය.  
 
කෙසේ නමුත්  සිරිමාවෝ බාලිකා පාසලේ ශිෂ්‍ය නායිකාවන් හා විදුහල්පතිවරියන් විසින් නාමල් රාජපක්ෂගේ  හා ගායකයාගේ ක්‍රියාකලාපයට විරුද්ධ වී ඇති අතර එවැනි විරැද්ධ වූ පාසල්ව විදුහල්පතිවරියන්ට තර්ජනය කිරීම් හා බැනවැදීම් සිදුකර ඇති බව පවසන  මන්ත්‍රීවරයා මෙම සියලු ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට හා සොයා බැලීමට ජනාධිපතිවරයාට හා අධ්‍යාපන බලධාරීන්ගේ වගකීමක් බවද සදහන් කොට සිටියේය.

 

Last modified on Monday, 04 August 2014 15:04

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us