මහ ඇමතිට බැරි වැඩ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවේ

Published in පුවත්
Monday, 04 August 2014 12:34

‍පළාත් සභාවක ප‍්‍රධාන ලේකම්වරයාට නියෝග ලබාදිය හැක්කේ එම පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍යවරයාට නොව රාජ්‍ය සේවා කොමිසන් සභාවට බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය. 

එ් සිය මූලික අයිතිවාසිකම් උල්ලංගණය වූ බවට උතුරු පළාත් සභාවේ ප‍්‍රධාන ලේකම් විජයලක්ෂ්මි රමේෂ් මහත්මිය විසින් ගොනු කරන ලද පෙත්සමක් සැලකිල්ලට ගනිමිනි.

 මෙහි විනිසුරු මණ්ඩලය ලෙස අගවිනිසුරු මොහාන් පීරිස් , කේ. ශී‍්‍ර පවන් සහ රෝහිණි මාරසිංහ යන මහත්ම මහත්මීන් කටයුතු කළේය. 

 අදාළ පෙත්සමින් විජයලක්ෂ්මි රමේෂ් මහත්මිය ප‍්‍රකාශ කර තිබුණේ උතුරු පළාත් සභාවේ ප‍්‍රධාන අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද නීති මාලාවක් සිය මූලික අයිතිවාසිකම් උල්ලංගණය කර ඇති බවයි. 


කෙසේ වෙතත් අදාළ නීති මාලාව මේ වන විට උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා විසින්ම ඉවත් කරගෙන ඇති නිසා එයින් පෙත්සම්කාරියගේ මූලික අයිතිවාසිකම් උල්ලංගණය වූයේ දැයි තීරණය කළ නොහැකි බව  ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් පැවසිය. 

 එ් අනුව සිය පළාත් සභාවේ කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස විනිසුරු මණ්ඩලය දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා සිටියේය.

මෙම නඩුව තවදුරටත් විභාගයට නොගැනීමටද එහිදී තීරණය කෙරින.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us