යුද අපරාධ වාර්තාව අද ඉදිරිපත් කෙරේ

Published in පුවත්
Wednesday, 16 September 2015 07:38

ශ්‍රී ලංකාවේ සිවුවූවා යැයි කියන යුද අපරාධ පිළිබඳ ජාත්‍යන්තර විමර්ශනයේ වාර්තාව අද (16) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ වාර්තාව රටවල් රැසක්ම ඉවසිල්ලෙන් බලා සිටින බව පෙරේදා (14) මෙම සැසිය අමතමින් කථා කළ අමෙරිකාවේ ජාත්‍යන්තර සංවිධාන භාර නියෝජ්‍ය තානාපති එරික් එම්. පාකිලේ ප්‍රකාශ කෙළේය. එම විමර්ශන වාර්තාවේ දක්වා ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහාත් විශ්වාසය තහවුරු කිරීම පහසුවීම උදෙසාත් ශ්‍රී ලංකා රජයට සහය දක්වන ආකාරයෙන් ‍යෝජනාවක් ගෙනඒමට අදහස් කරන බවත් හෙතෙම සඳහන් කළේය. මේ අතර යුරෝපා සංගමය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවට එරෙහි වාර්තාව අපේක්ෂා කරමින් සිටින අතරම මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහාත් රටතුළ සුහදත්වය සහතික කිරීම උදෙසාත් ශ්‍රී ලංකාවට උපරිම සහය ලබාදෙන බවය.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ඉදිරිපත් කරන නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත් ශ්‍රී ලංකා රජයට පූර්ණ සහය ලබාදීමට තම රජය කටයුතු කරන්නේ යැයි බ්‍රිතාන්‍ය ප්‍රකාශ කර තිබේ.

මේ අතර දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් ජිනීවා ගොස් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් ජිනීවාහිදී බ්‍රිතාන්‍ය විදේශ කටයුතු සහ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය අමාත්‍ය හිකෝ ස්වයර් හමුවී සාකච්ඡා කර තිබේ.

එහිදී සුමන්දිරන් ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවේ වගවී‍මේ ක්‍රියාදාමයේදී ජාත්‍යන්තරයේ අධීක්ෂණය තිබිය යුතු බවය.

dinamina

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us