මිනීමරුවන්ගේ අයිතින් සුරකින පනතක් ගම්මන්පිල ගෙන එයි !

Published in පුවත්
Wednesday, 16 September 2015 09:17

අද එළි දැක්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටු වාර්තාවෙන්, ශ්‍රී ලංකාවේ යුධ අපරාධ පිළිබදව ශ්‍රී ලංකාවේ හමුදා භටයන්ට එරෙහිව බරපතළ චෝදනා එල්ල කර තිබුණහොත් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස වගකීමෙන් නිදහස් කිරීමේ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

බ්‍රිතාන්‍යයේ ආරම්භ වූ මෙම සංකල්පය ශ්‍රී ලංකාවද අනුගමනයක් ඇති බවත් ශ්‍රී ලංකාව මීට පෙර අවස්ථා තුනකදී වගකීමෙන් නිදහස් කිරීමේ පනත් හදුන්වා දී තිබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේ පිවිතුරු හෙළ උරුමය විසින් ඊයේ සංවිධානය කර තිබු මාධ්‍ය සාකච්ඡාවකදීය.

1915 සිංහල මුස්ලිම් ගැටුම වෙනුවෙන් පොලිස් හා හමුදාව නිදහස් කිරීමට 1915 රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කල බවද 1977 කැරලිකාරීත්වය මර්දනය කිරිමේ වෙනුවෙන් රාජ්‍යය නිලධාරීන් නිදහස් කිරීම වෙනුවෙන් 1982 අංක 20 දරණ වගකීමෙන් නිදහස් කිරීමේ පනත එජාප ආණ්ඩුව පාර්ලිමේන්තුවේ අනුමත කළ බවද පෙන්වා දුන් මන්ත්‍රීවරයා 1987 ජවිපෙ කැරැල්ල මර්ධනය කිරීමේ හමුදාව නිදහස් කිරීමට 1988 අංක 60 දරණ වගකීමෙන් නිදහස් කිරීමේ පනත හදුන්වා දුන් බවත් සිහිපත් කළේය.

ඒ කෙසේ නමුත් මෙහි අරමුණ යුද්ධයට මුවා වී මීනීමරු ආරක්ෂක අංශ සාමාජිකයන් විසින් සිදු කරනු ලැබූ ඝාතනයගෙන් ඔවුන්ව නිදහස් කර ගැනිමය. යුධ අපරාධ චෝදනා යනු ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කිරීම නොව සිවිල් වැසියන් හිතා මතා ඝාතනය කිරීම යටත් වූ කැරලිකරුවන් ඝාතනය කිරීම ආදී චෝදනාය. ඒ සිදු කළ මීනිමරු ආරක්ෂක අංශ සාමාජිකයන්ට දඬුවම් දීම සර්ව සාධාරණ  පියවරකි. ගම්මන් පිල්ලා උත්සහ ගන්නේ මේ ම්ලෙච්ඡයන් ආරක්ෂා කිරීමටය.

අසූව දශකය අගභාගයේදී එම පනතින් සිදු වූයේ ආරක්ෂක අංශ සාමාජිකයන් විසින් හිතුමතේ කරනු ලැබූ ඝාතන සම්බන්ධයෙන්ද වගකීමෙන් නිදහස් වීමය. ඊට එරෙහිව දැඩි විරෝධයක් සමාජයෙන් මතු වූ අතර පසුව ඒ ඉවත් කර ගන්න ලදී.

Last modified on Wednesday, 16 September 2015 09:19

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us