තජුදීන් සිරුර නැවත මිහිදන් කරයි

Published in පුවත්
Wednesday, 16 September 2015 07:25

රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ මෘත ශරීරය නැවත මිහිදන් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඊයේ (15) රහස් පොලිසියට අවසර ලබා දුන්නේය. තාජුඩීන්ගේ මෘත ශරීරය සම්බන්ධ විමර්ශන අවසන් බවත් එය නැවත මිහිදන් කිරීමට අවසර ලබා දෙන ලෙසට රහස් පොලිසිය කළ ඉල්ලීම සලකා මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය කළේය.

2015.08.10 දින වැඩිදුර පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන ලද මොහොමඩ් වසීම් තාජුඩීන් මෘත ශරීරය 2015.09.18 දින නැවත මිහිදන් කිරීමට මරණකරුගේ වැඩිමහල් සොහොයුරු ෆාතිමා අයේෂා තාජුඩීන් වෙත බාර දීමට ද අධිකරණය නියම කළේය. මෘත ශරීරය නැවත මිහිදන් කිරීම සඳහා ඇයගේ වැඩිමහල් සොහොයුරියට අවශ්‍ය පහසුකම් සපයන ලෙසට ද මොහොමඩින් ජුම්මා මුස්ලිම් පල්ලියේ පාලන කමිටුවේ සභාපතිවරයා වෙත මහේස්ත්‍රාත්වරයා නියෝග නිකුත් කළේය.

2015.08.10 වන දින දෙහිවල ජුම්මා පල්ලියේ පිහිටි සුසාන භූමියෙන් අධිකරණ නියෝග මත ගොඩගෙන කොළඹ ප්‍රධාන වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් මහතා භාරයේ ඇති අස්ථි කොටස් සාම්පලය, ජාන පරීක්ෂණයක් සිදු කිරීම සඳහා රහස් පොලිසියේ මිනී මැරුම් අංශයේ පොලිස් සැරයන් රත්නප්‍රිය මහතා භාරයේ ජින්ටෙක් ආයතනයට භාර දීම සඳහා ද අධිකරණ නියෝගයක් මහේස්ත්‍රාත්වරයා විසින් මෙහිදී නිකුත් කරන ලදී.

 

dinamina

Last modified on Wednesday, 16 September 2015 07:28

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us