මැර ප‍්‍රහාරයක් නිසා සබරගමු සිසුෙවකු රෝහලේ

Published in පුවත්
Monday, 04 August 2014 11:25
සබරගමුව විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයකට ඊයේ අලුයම 02ට පමණ ඇතුළු වූ මැර පිරිසක් සමාජ විද්‍යා හා භාෂා පීඨයේ පළමු වසර සිසුවකුගේ කට බැඳ පහර තියුණු ආයුධයකින් කපා කොටා පළා ගොස් ඇතැයි වාර්තාවේ.
  මේ වනවිට එම සිසුවාව පඹහින්න රෝහලෙන් බලංගොඩ රෝහලට මාරු කැර යවා අැත.
 
 මැර පිරිසේ පුද්ගලයින්  පස් දෙනෙකු පැමිණ අත්පා බැඳ මෙම පහරදීම සිදුකර ඇති බව වාර්තා වෙයි.
 
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු පැවසූවේ සමාජ විද්‍යා හා භාෂා පීඨයේ පළමු වසරේ අධ්‍යාපනය ලබමින් සිටි ‍දමිළ සිසුවෙකු මෙසේ ප්‍රහාරයට ලක්වූ බවයි.
 
මීට පෙරද මුස්ලිම් සිසුන් ඉලක්ක කර ගනිමින් යම් යම් සිදුවීම් ඇති කිරීමට බාහිර ජාතිවාදී මැර පිරිස් උත්සාහ දැරූ නමුත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මැදිහත්වීම මත එවැනි ජාතිවාදී වුවමනාවන් ඉටු කර ගැනීමට මැරයන්ට නොහැකි වූ බව අවධාරණය කළ ඔහු වැඩිදුරටත් පැවසූවේල මෙම මැර ප්‍රහාරයද බොහෝදුරට ජාතිවාදී උන්මත්තකයන්ගේ ප්‍රහාරයක් විය හැකි බවයි.
 
ඔවුන්ට අවශ්‍යවී ඇත්තේ විශ්වවිද්‍යාල ජාතීවාදී ගැටුම් අවුලාලීමට වූ නමුත් ජාතික සමගිය සවිමත් කරමින් සිංහල දෙමළ මුස්ලිම් බේදයකින් තොරව ඊට එරෙහිව සියළු දෙනා එක්ව නැගී සිටින බවයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us