මේ වන විට දිස්ත‍්‍රික්ක රැසකට බලපෑම් එල්ල කර ඇති නියං තත්ත්වය හේතුවෙන් පවුල් තුන්ලක්ෂ 23, 476කට අයත් පුද්ගලයන් එකලොස් ලක්ෂ 50, 994 දෙනෙකු තවමත් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප‍්‍රකාශ කළේය. ඉන් වැඩිම පිරිසක් වාර්තාවන්නේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙනි. එම සංඛ්‍යාව හාරලක්ෂ 73, 125 කි. හම්බන්තොට දිස්ත‍්‍රික්කයට බලපා ඇති නියං තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් එක්ලක්ෂ 6420ක් පීඩාවට පත්වී ඇත.
උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව පළාත්වල ජලාශවල ජල මට්ටමද පවතින වියලි කාලගුණික තත්ත්වය හමුවේ තවදුරටත් අඩුවී තිබේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා අංශයේ අධ්‍යක්‍ෂිකා ජානකී මීගස්තැන්න මහත්මිය කියා සිටියේ අඛණ්ඩව මෙම තත්ත්වය පැවතුනහාත් පානීය අවශ්‍යතා සඳහා පමණක් ජලය නිකුත් කිරීමට සිදුවන බවයි.
නියං කාලගුණ තත්ත්වය බලපා ඇති දිස්ත‍්‍රික්කවලට ලබන ඔක්තෝම්බර් මස මැද වනතුරු වැසි අපේක්ෂා කළ නොහැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේය.
මේ අතර නියඟය පවතින බොහෝ ප‍්‍රදේශවල ජනතාවට එදිනෙදා අවශ්‍යතා සඳහා මෙන්ම පානීය ජලය ලබාගැනීමද බරපතල ගැටළුවක් වී තිබේ.
නියඟය වැඩි වශයෙන් බලපා ඇත්තේ හම්බන්තොට සහ පුත්තලම යන දිස්ත‍්‍රික්කවලට බව ගොවිජන සංවර්ධන කාර්යාලය පවසයි. එහි ජල කළමනාකරන අංශයේ ප‍්‍රධානී ප‍්‍රභාත් විතාරණ මහතා සදහන් කළේ එම දිස්ත‍්‍රික්කවල භූගත ජලය ද සිදී ගොස් ඇති බවයි.
Leave a comment
Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...