සාක්ෂිකරු ළිඳට වැටී මියයාම ගැන සැකය වැඩිවේ

Published in පුවත්
Monday, 04 August 2014 10:19

පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට ලක්වූ පුත්තලම ආණමඩුව නවගත්තේගම ජාතික පාසලේ ගුරුවරියක් දණගැස්වූ සිද්ධියේ ඇසින් දුටු ප‍්‍රධාන සාක්‍ෂිකරු ළිඳකට වැටී මිය යාමෙන් පසු  සිදු කෙරුණ පශ්චාත් මරණ පරීක්ෂණයේදී පෙනහළුවල ජලය නොතිබීමත් , දිව තුවාල වී තිබීමත් සැක සහිත කරුණු බව ප්‍රකාශවී ඇත. 

මියගිය පුද්ගලයා වයස අවුරුදු 55ක් වූ රාජකරුණා හේරත්ම මුදියන්සේලාගේ පුඤ්ඤසෝම බණ්ඩාර නමැත්තෙකි. ඔහුගේ සිරුර පාළු ළිඳ තිබියදී ඉකුත් සිකුරාදා සොයා ගැනිණ. 

සිය නිවසේ යතුරු කැරැල්ල නිතරම ගෙලෙහි එල්ලාගෙන සිටීමට පුඤ්ඤසෝම බණ්ඩාර පුරුදු වී සිටි බව මූලික විමර්ශනවලින් හෙළිව ඇත. එහෙත් මේ වන විට එම යතුරු කැරැල්ල අස්ථාන ගත වී තිබෙන බව පොලීසිය පවසයි.

මේ අනුව මෙම සැකකටයුතු මරණය ගැන විමර්ශන සිදු කිරීම සඳහා පොලිස් කණ්ඩායම් 3ක් අනුයුක්ත කර ඇත. එ් වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේය. 

 මෙම ගුරුවරිය දණගැස්වීමට සම්බන්ධ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත‍්‍රීවරයා අධිකරණ තීන්දුවක් මතින් වරදකරු වූ අතර මොහුගේ මන්ත‍්‍රී ධූරයද මොහුට අහිමිවුනි.

සබැඳි පුවත් 
ගුරුවරිය දණගැස්වූ නඩුවේ ප‍්‍රධාන සක්‍ෂිකරුගේ මළ මිනිය ළිදක් තුල 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us