කොලොන්නාව සභාපතිගේ මැර ප්‍රහාරයෙන් උප සභාපති රෝහ‍ලේ

Published in පුවත්
Monday, 04 August 2014 10:09

කොලොන්නාව නගර සභාවේ ඉකුත් 02 දින දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් එහි උප සභාපතිවරයා ඇතුළු සිව් දෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වැල්ලම්පිටිය ‍පොලීසිය පවසයි.

කොලොන්නාව නගර සභාවේ උප සභාපති එච්.බි. සුරේෂ් කෝදාගොඩ මහතාගේ හිසට බරපතළ තුවාල සිදුවී ඇති අතර ඔහු මේවනවිට කොළඹ මහ රෝහලේ අංක 72 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටීයි.

ඔහුගේ සහයකවරයාද තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

“කොලොන්නාව නගර සභාවේ විශාල ජාවාරමක් වූ මීතොටමුල්ල කුණු කන්ද” මැයෙන් අත් පත්‍රිකාවක් සකස් කර එය මැති ඇමැතිවරුන් වෙත තැපැල් මාර්ගයෙන් යැවීම සඳහා සකස් කර තිබි ඇත. එය තැපැල් කිරීම සඳහා උපසභාපති සහයකවරයා නගර සභාවේ පිවිසුමෙන් පිටත්වන අවස්ථාවේ නගර සභාවේ මුරකරුට එය හසුවීමෙන් මෙම ගැටුම ආරම්භ වී ඇත.

සුරේෂ් කෝදාගොඩ උප සභාපතිවරයා ලෙඩ ඇඳේ සිටිමින්ම සිද්ධිය විස්තර කරමින් මෙසේ පැවසිය.

''මම ඊයේ උදේ 10 ට පමණ නගර සභාවට ගියා. මගේ කාමරයට වී වැඩ කරද්දී දහවල් 1.30 ට පමණ නගරාධිපති රවීන්ද්‍ර උදය ශාන්ත මගේ කාමරයට ආවා. ඇවිත් පිස්තෝලය එල්ල කරමින් මාව මරනවා යැයි තර්ජනය කළා. මේ ලංකාවේ මං අහලා නැති කුණුහරුප කියමින් බැන වැදී 'තෝ නගර සභාවට පිළිලයක්. මං තෝව මරනවා' යි තර්ජනය කර මගේ කාමරයෙන් පිටව ගියා. මට වැඩ කරගෙන යෑමට බිය හිතුනා.

පසුව මං කාමරයේ දොර ඇරගෙන එලියට එනවිට නගරාධිපති දොර අසලම හිටියා. ඔහු මගේ කොලරයෙන් අල්ලාගෙන හිසේ වම් පසට පිස්තෝලයෙන් පහර දුන්නා. ඒ සමගම අනෙක් අතින් දකුණු පසටත් පහර දුන්නා. පිස්තෝලයෙන් පහරදුන් තැනින් ලේ ගලාගෙන ආවා. මම ඔහුගෙන් මිදී පාරට දිව්වා. ඒ යනවිට නගර සභාවේ ගේට්ටු ඔක්කොම වහලා තිබුනා.

ගේට්ටුව අසල ඇතුළු පැත්තේ මගේ පියන්ට කට්ටියක් වට කරගෙන ගහනවා දැක්කා. ඒ අය නගරාධිපතිගේ ගෝලයන් ලෙස නගර සභාවේම වැඩ කරන කට්ටිය. ඒ අය මාවත් වට කරගෙන මට පහරදුන්නා. මාව වැටුනා. එතැන නගර සභාවේ ආරක්ෂාවට සිටින පොලිසියත් හිටියා. ඔවුන් මාව නැගිට්ටුවා ගත්තා. නමුත් පොලිසිය පහර දෙන මැරයන්ට විරුද්ධව කිසිවක් කෙළේ නෑ.

යලිත් වතාවක් 20 ක් විතර මැරයන් මාව වටකරගෙන මට හොඳටම ගැහුවා මාව වැටුනහම මගේ ඛෙල්ල පෑගුවා. මට හුස්ම ගන්න බැරිව මැරෙන්න වගේ ගියා. තවත් පිරිසක් මගේ ඇඟ උඩ නැගලා මාව පෑගුවා. පසුව පොලිසිය යලිත් මාව බේරා ගෙන එළියට ගෙනාවා. පසුව මම රෝහලට ඇතුලත් වුනා..

..නගරාධිපතිවරයා මට මෙලස පහර දුන්නේ දෙවෙනි වතාවයි. මට විතරක් නොවෙයි මොහු වෙනත් අයටත් මෙලෙස පිස්තෝලයෙන් පහර දී තිඛෙනවා. එක් පුද්ගලයෙකුට වරක් පහර දීම නිසා වූ තුවාලයකට මැහුම් 16 ක් දැම්මා. නගර සභාවෙදිත් ගහනවා. මහ පාරෙදිත් ගහනවා.''

මේ පිලිබඳ පොලිසියට පැමිණිලි කෙළේ නැද්දැයි කළ විමසුමකට පිලිතුරු දුන් උප නගරාධිපතිවරයා මෙසේ කීය.

''මොකද පැමිණිලි කරලා නැත්තේ ? මීට කලින් මුල්ලේරියාව පොලිසියට පැමිණිලි කරලා තියෙනවා. වැල්ලම්පිටිය පොලිසියට පැමිණිලි කරලා තියෙනවා. මිරිහාන පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණිලි කරලා තියෙනවා. ඒ කිසිදු පැමිණිල්ලකට පොලිසිය ක්‍රියාත්මක වී නෑ. කොටින් කියනවා නම් මේ පහර දීමට පෙරද දා සිකුරාදා මම කොළඹ බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහත්තයාටත් පැමිණිලි කළා. මේ නගරාධිපතිවරයා මාව මරන්න ඉන්නවා කියලා කීවා. 'මට වැඩ කරගෙන යන්න බය වෙන්න එපා යැයි කීවා.

පසුව මම පොලිස් මූලස්ථානයටත් පැමිණිලි කළා. එතැනින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වික්‍රමසිංහ මහත්තයාට කියලා එයත් මට කතා කරලා කීවා 'බයවෙන්න එපා වැඩ කරගෙන යන්න' කියලා. නමුත් වැඩක් නෑ මොහු පහුවදාම මට පිස්තෝලය එල්ල කර මරණ තර්ජනය කර පහර දුන්නා.''

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us