ආණ්ඩුව උත්සාහ කරන්නේ මහපොළ, ශිෂ්‍යාධාර සිසුන්ට අහිමි කරන්න

Published in පුවත්
Monday, 04 August 2014 11:29

ආණ්ඩුව මහපොළ හා ශිෂ්‍යාධාර සම්බන්ධයෙන් පවත්වාගෙන යන ක්‍රමවේදය මෙතෙක් අවුරුදු 15ක් 20ක් පුරාවට නොපැවති බවත් ආණ්ඩුව සිසුන්ට ශිෂ්‍යාධාර වෙනුවට රැකියා කිරීමට බලකරන බවත්  මේ නිසා ක්‍රමයෙන් ශිෂ්‍යාධාර මුදල අහෝසි කරන ක්‍රමවේදයක් ආණ්ඩුව සකසමින් සිටින බවට සැක මතුවන බවත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික ප්‍රකාශ කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (03) දින මරඳාන සී. එස්. ආර්. ශාලාවේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නජිත් ඉන්දික

විශ්ව විද්‍යාලයක් කියන්නේ තනි ගොඩ නැගිල්ලක් නොවෙයි. ශිෂ්‍යන්ට පූර්ණකාලීනව නේවාසිකව අධ්‍යාපනය ලබන තැනක්, එය ලෝකයේ පිළිගෙන තියෙන්නේ මානව සංවර්ධනය අදාල දැනුම වර්ධනය කරන, දැනුම ගවේශණය කරන ස්ථානයක් ලෙසයි. නමුත් දැන් ලංකාව තුල මෙය මුළුමනින්ම කනපිට පෙරළිලා මහපොළ ගැටළුව පිළිබද කතා කරනකොට දැනට මහපොළ හා ශිෂ්‍යාධාරය ක්‍රමයෙන් අහෝසිකරගෙන යමින් තිබෙන්නේ.

දැනට මහපොළ ශිෂ්‍යත්වය ලෙස ලැබෙන්නේ රුපියල් 2500ක් විතරයි.  2000වසරේ ඉඳලා ශිෂ්‍යත්ව මුදල් වැඩිවීමක් සිදුවෙලා නැහැ. නමුත් ඊට පෙරදී වැඩි වන ජීවන වියදමට සාපේක්ෂව වැටුප් වැඩිකරනවා වගේ මහපොළ ශිෂ්‍යාධාර වැඩි කෙරුවා. නමුත් 2000වසරේ සිට මේ දක්වා වසර 9කින් ශිෂ්‍යාධාර වැඩිවීමක් සිදු කරලා නැහැ. වැටුප් වැඩි නොවුවනට, ශිෂ්‍යාධාර වැඩිනොවුනට ජීවන වියදම වැඩි වෙනවා. ඒ වගේම ශිෂ්‍යන්ට තුන්වේල යන්තමට කාල බස් ඒකේ ගෙදර යන්න ගිය වියදමත් හත් අට ගුණයකින් ඉහළ ගිහින් තියෙන්නේ. 2005වසරේ විශ්වවිද්‍යාල ආපනශාලාවල කෑම වේලක් රුපියල් 17ක පමණ මුදලකට තිබුණේ. ඒ වෙනකොට විශ්වෙවිද්‍යාලයෙන් පරිබාහිරව වෙළදසැලක කෑම වේලක් රු 30වගේ මුදලකට තිබුණේ. නමුත් මේ වන විට ඒ සියල්ල කනපිට ගහලා. මිල හතර පස් ගුණයකින් වැඩිවෙලා. තත්ත්වය එහෙම තියෙද්දිත් තවමත් ශිෂ්‍යාධාර රුපියල් 2500ක මුදලක් පමණයි ලබා දෙන්නේ. මේ හේතුවෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට වෙලාවෙන් කොටසක් වෙන් කරගෙන අධ්‍යාපනය කරන්නත් තවත් වෙලාවක් වෙන් කරගෙන අර්ධකාලීනව රැකියාවක් කරන්න සිද්ධවෙලා තිබෙනවා. ඒ තුළින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරණ කාලය වෙනුවට ශිෂ්‍යන්ට මුදල් හෙවීමට කාලය වැය කරන්න සිදුවෙලා තිබෙනවා.

2005වකවානුව තුල ලංකාවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යන් රැකියාවක් කරමින් අධ්‍යාපනය කරන රටාවක් තිබුණෙ නෑ. නමුත් දැන් අති බහුතරයක් දෙනාට එසේ කීරීමට සිදුවෙලා. මහපොළ සම්බන්ධයෙන් එසේ ගැටළු පවතින අතරේ මේ ලැබෙන 2500වත් නොලැබෙන තත්වයකට පත් වෙලා. විශ්වවිද්‍යාලයට ඇතුලත්වීමේන් මාස 13ක් ගතවුවත් තවමත් මාස තුනක් පමණයි ඇතැම් සිසුන්ට ශිෂ්‍යාධාර ලබාදීලා තිබෙන්නේ. ශිෂ්‍යාගේ අධ්‍යාපනයට අවශ්‍ය මූලික අවශ්‍යතා ලබා ගැනීමට ලබාදෙන ශිෂ්‍යාධාරය ශිෂ්‍යාට ලැබෙන්නේ පාඨමාලාවේ කාලයෙන් භාගයක් අවසන් කලාට පස්සේ. එසේ නම් මේ ශිෂ්‍යධාර දීමේ අරමුණ මොකද්ද.

ඒ වගේම ශිෂ්‍යධාර සම්බන්ධයෙන් අලුත් නීතිරීති බොහොමයක් පනවලා තිබෙනවා. පෙර පැවතුනේ විශ්වවිද්‍යාලයට බදවා ගැනීමේදී මහපොල දෙනවාද නැද්ද යන්න තීරණය කර මාසිකව ශිෂ්‍යයා අතට මුදල් ලබා දීමයි. නමුත් ඇතැම් විශ්වවිද්‍යාලවල පවතින ක්‍රමවේදයක් තමයි විශ්වවිද්‍යාලය මගින් ලබා දෙන දින කීපය ඇතුළත ශිෂ්‍යන් කාර්යාලයේ ඇති අස්සන් ලේඛනයක අත්සන් කිරිමෙන් පසු එම මසට අදාල මුදල් ලබා දීම. විභාග කටයුත්තක් හෝ විශ්වවිද්‍යාලයෙන් බැහැරයාම වැනි යම් හේතුවකින් අස්සන් කිරීමට නොහැකි වුවහොත් එම මසට අදාල ශිෂ්‍යාධාර වාරිකය ලැබෙන්නෙ නෑ. මුලදී මහපොල ලබා දීමේ ක්‍රමවේදය වුයේ ශිෂ්‍යයන්ගේ ජිවන තත්වය උඩ මහපොල ලබා දෙනවාද නැද්ද යන්න තීරණය කිරිමයි. නමුත් මේ ක්‍රියාවලිය තුල සෑම මසකම ශිෂ්‍යයින් කාර්යාලයට ගොස් තමන්ට ශිෂ්‍යාධාර අවශ්‍ය බව අත්සනක් මගින් පැවසීම කල යුතුයි. මේ තුළින් ශිෂ්‍යයින් සිය ගණනකට මාසිකව විශ්වවිද්‍යාල පද්ධතිය තුල ශිෂ්‍යාධාර අහිමි වෙනවා.

මෙහෙම ක්‍රමවේදයක් මෙතෙක් අවුරුදු 15ක් 20ක් පුරාවට පැවතියේ නැහැ. මේ සියල්ල තුලින් කියන්නේ ශිෂ්‍යාධාර වෙනුවට උඹලා රස්සාවල් කරලා සල්ලි හොයාගනිල්ලා කියන අරමුණයි. ඒ සමගම ක්‍රමයෙන් ශිෂ්‍යාධාර මුදල අහෝසි කරන ක්‍රමවේදයක්ද මේ අනුගමනය කරන්නේ කියන එක අපිට සැක සහිතයි.

පසුගිය වසර 4ඇතුළත සිසුන් 1500කට අධික ප්‍රමාණයක් පන්ති තහනමට ලක් කරල තිබෙනවා. දැනට පවතින නීති රීති අනුව පන්ති තහනමකට ලක්වුවහොත් මහපොල ශිෂ්‍යාධාර අහිමි කරනවා. පන්ති තහනම මාස දෙකක් වුවත් ශිෂ්‍යාධාර නැවත ලැබෙන්නෙ නැහැ. මේ මහපොල ශිෂ්‍යාධාර මහින්ද රාජපක්ෂ මහත්තයා ගෙදරින් දෙනවා නෙමෙයි එස්බී දිසානායක මහත්තයා ගෙදරින් ගෙනත් දෙනවා නෙමෙයි. එය සමාජය විසින් දරන බරක්. මේ සමාජය තුළ ජනතාව කියන්නෙ නෑ, ශිෂ්‍යයින්ට ශිෂ්‍යාධාර දෙන්න එපා කියලා. ජනතාව කියන්නේ වැටුප් වැඩි කරන්න කියලා. අපි කියන්නෙත් වැටුප් සහ ශිෂ්‍යාධාර වැඩිවිය යුතුයි කියලා. මේ ක්‍රියාවලිය තුල ශිෂ්‍යයා අර්ධකාලීන ශිෂ්‍යයෙක්, අර්ධකාලීන කම්කරුවෙක් බවට පත්වෙලා.

මේ සම්බන්ධයෙන් ශිෂ්‍යයන් ඉල්ලීම් ඉදිරිපත් කරද්දී උසස් අධ්‍යාපන ඇමතිවරයා ඊට පිළිතුරු ලෙස ශිෂ්‍යන්ට රැකියා සොයා දෙන වැඩ පිළිවෙලක් තමයි ඉදිරිපත් කෙරුවේ. මේක එස්බී දිසානායක මහත්තයා ශිෂ්‍යයන්ට ජොබ් හොයල දෙන්න ඕන නෑ. බලධාරීන්ගෙ ක්‍රියාකලාපය නිසා අදටත් සිසුන් කරන්නෙ ඒකම තමයි. ඒ නිසා ශිෂ්‍යයන්ට එස්බී දිසානායක මහතාගේ රැකියා අවශ්‍ය වෙන්නෑ ශිෂ්‍යයන්ට අවශ්‍ය මහපොල ශිෂ්‍යාධාරය වැඩි කිරීමයි. ඒ තුළින් ශිෂ්‍යන්ට අධ්‍යාපනය ලබන්න පුළුවන් වටපිටාවක් නිර්මාණය කිරීමයි.

අපි මේ සම්බන්ධයෙන් දැනුම් දුන්නා, උද්ඝෝෂණ කලා, අපි යළිත් අවධාරනය කර සිටිනවා මහපොළ ශිෂ්‍යාධාර ඉහල දැමිය යුතුයි. ඒ වගේම නිසි කලට ශිෂ්‍යාධාර ලබා දිය යුතුයි. මහපොල භාරකාර අරමුදලේ මුදල් තිබෙනවා නම් එම සොච්චම් මුදල හරි නිසි පරිදි ගෙවන්න පුළුවන් වෙන්න ඕන. ඒ නිසා මේ සම්බන්ධයෙන් ඉදිරියේදී අපි ක්‍රියාමාර්ග ගන්නවා.

ඒ අනුව ලංකාවේ සියළුම විශ්වවිද්‍යාල ආවරණය වන පරිදි ශිෂ්‍යයින් ගෙන් සමන්විත පෙත්සමක් අත්සන් කරලා මේ සම්බන්ධයෙන් බල කර සිටිනවා. මෙහිදී අපි ඉල්ලා සිටින්නේ මහපොළ ශිෂ්‍යාධාර අවම වශයෙන් රුපියල් 5000දක්වා වැඩි කල යුතුයි කියලා.

පළමු මාසය තුල සිට ශිෂ්‍යාධාර ලබා දිය යුතුයි. මහපොල ලබා දීමේ දී සලකන අදායම් සීමාව ඉහල දමමින් මහපොල ලබා දෙන ශිෂ්‍යයින් සංඛ්‍යාව ඉහළ දැමිය යුතුයි. මේ සම්බන්ධයෙන් වගකිව යුතු සියළු පාර්ශ්ව වෙත එම පෙත්සම මගින් අපි බල කර සිටිනවා. ඒ එක්කම අපි ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ගවලට එලඹීමට කටයුතු කරනවා.

Last modified on Monday, 04 August 2014 11:53

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us