මේ සම්බන්ධයෙන් අප වෙත තොරතුරු හෙළි කරන එම පරීක්ෂණය හා සම්බන්ධ නිලධාරියකු පැවැසූවේ මෙම ඝාතනය සම්බන්ධයෙන් කීර්තිමත් ඉහළ හමුදා නිලධාරියකුට එරෙහිව චෝදනා එල්ල වීම සිදුවනු ඇති බවය. ඔහු මේ වන විට පවතින පාලනතන්ත්රය හා සමීපව කටයුතු කරන්නකු බැවින් ලසන්ත ඝාතන පරීක්ෂන අක්රීයව පවතින බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
එමෙන්ම එක්නැලිගොඩ ඝාතන පරීක්ෂණ හේතුවෙන්ද වත්මනෙහි රාජකාරී කටයුතු සිදුකරන ඉහළ හමුදා නිලධාරීන් සම්බන්ධයෙන් චෝදනා එල්ල වීම සිදුවනු ඇති බවත් මේ තත්වය මත එම ඝාතන පරීක්ෂණයන්ද මේවන විට විශාල අර්බූදයකට ලක්ව ඇති බවත් ඔහු පෙන්වා දෙයි.