කාලයකට පස්සේ පාර්ලිමේන්තුව ගත් විශිෂ්ටතම තීන්දුව

Published in පුවත්
Thursday, 03 September 2015 11:03

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අද දින විපක්ෂ නායකවරයා ලෙස දෙමළ ජාතික සන්ධානයේ නායක ත්‍රිකුණමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා පත් කිරීම මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ගත් අතිශය වැදගත් ඓතිහාසික තින්දුවකි.


අපරාධකරුවන්ගේන් දූෂිතයන්ගේ කුඩු මුදලාලිලාගෙන් ජාවාරක් මරුවන්ගේන් ජාතිවාදින්ගෙන් ජාරා වාස වී තිබු පාර්ලිමේන්තුව පසුගිය දශක කිහිපයක් තිස්සේම රටට වැඩ දායක රටේ අනගාතයට වැඩ දායක තීන්දු තීරණ ගත්තේ නැති තරම්ය. විශේෂයෙන් පසුගිය රාජපක්ෂ සමයේදි තුනෙන් දෙකේ බලයක් තබා ගෙන මහින්ද රාජපක්ෂ විසින් සිදු කළේ සිංහල බෞද්ධ ජාතිවාදයට යටත් කළ රාජ්‍යයක් වෙනුවෙන් හා රාජපක්ෂ පවුලේ බඩ ගෝස්තරය ආරක්ෂාකර ගැනිම වෙනුවෙන් තින්දු ගැනීම පමණි. 18 වන අන්ඩුක්‍රම ව්‍යස්ථාව සංශෝධය වැනි නරුම ඒකාධිපතිත්වයක් ගොඩ නැගීම සඳහා මේ පාර්ලිමේතුව යොදා ගත්තේය.

ඒ කෙසේ නමුත් සම්බන්ධන් මහතාට විපක්ෂ නායක ධුරය ලබා දියයුතු යැයි කෙරෙණු උද්ඝෝෂනයේ පාර්ශ්වකරුවකු වූ ලංකා ඩේලි වෙබ් අඩවියටද මේ ආඩම්බර විය හැකි කරුණක් වී තිබේ . අප රාජපක්ෂගේ වියරු ඒකාධිපති රෙජීමය පලවා හරීමට කොන්දේසි විරහිත අරගලයක නියැලුනා මෙන්ම වත්මන් සම්මුතිවාදී ආණ්ඩුව බිහිකර ගැනීම වෙනුවෙන්ද පෙනී සිටියෙමු.

රට අවශ්‍ය දේශපලන ප්‍රතිසංස්කරණයන් සිදුකර මතු පරම්පරාවට සාමයෙන් සහජීවනයෙන් යහපාලනයක් යටතේ ජීවත් වීම සඳහා රට සුද්ධ බුද්ද කර ගැනිම වෙනුවෙන් අප තව දුරටත් පෙනී සිටින අතර ඒ වෙනුවෙන් කෙරෙන් කවරාකාර වූ අරගලයකට වුව සහය වෙමු.

අද දෙමළ ජාතික සන්ධානයට විපක්ෂ නායක ධුරය ලබා දී ගත් මේ ඓතිහාසික දේශපාලන පිම්ම වඩා වර්ධනීය ලෙස රටේත් සමස්ත ජනතාවගේත් යහපත පිණිස යොදා ගැනීමට කටයුතු කිරීමට පාලකයෝ වග බලා ගත යුතු බවද අවධාරණය කරමු.

Last modified on Thursday, 03 September 2015 11:07

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us