වසරක් ඇතුලත නව ව්‍යවස්ථාවක් - කරු

Published in පුවත්
Thursday, 03 September 2015 07:00

ජනවාරි මස පැවති ජනපතිවරණයේදී ශ්‍රී ලංකාවාසී ජනතාවට පොරොන්දු වූ ප්‍රකාර ව්‍යවස්ථා සංශෝධන ඇතුළු ප්‍රතිසංස්කරණ හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීම පිණිස කැපවන බව නව කතානායක කරු ජයසූරිය බීබීසී සංදේශයට පවසයි.

විශේෂයෙන්ම වසරක් ඇතුලත නව ව්‍යවස්ථාවක් සම්පාදනය කොට, මැතිවරණ ක්‍රමයද සංශෝධනය කිරීම නව පාර්ලිමේන්තුව නියෝජනය කරන බහුතර පක්ෂ නායකයන්ගේ අභිලාශය බවය, කතානායකවරයා අවධාරණය කරයි.

ඒ හැරුණු කොට පසුගිය පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට නොහැකි වුනු තොරතුරු දැනගැනීමේ පනත, විගණන පනත ඇතුළු පනත් ගණනාවක් දැනටමත් සූදානම් කොට පවතින බැවින් 'fast track' හෙවත් කඩිනමින් සම්මත කරගැනීම, කතානායකවරයා පවසන පරිදි, නව ආණ්ඩුවේ අභිලාශයයි.

'ආදර්ශමත් පාර්ලිමේන්තුවක්'

"ඒ සියලුම දේවල් අපි බලාපොරොත්තු වෙනවා මාස හයක් ඇතුලතදී ඉවර කරන්න," ඔහු පැවසීය.


එමෙන්ම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුකූලව හැකි ඉක්මනින් ව්‍යවස්ථාදායක සභාව පිහිටුවා, ස්වාධීන කොමිෂන් සභා පත්කිරීමට කටයුතු කරන බවටද නව කතානායකවරයා ප්‍රතිඥා දුන්නේය.

මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නායකතත්වයෙන් යුත් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ඇතුළු බොහෝ සිවිල් සංවිධාන කලක් මුළුල්ලේ ඉල්ලා සිටින පරිදි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳව පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවත් කතානායකවරයා සඳහන් කළේය.

කෙසේ නමුත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතරම් මනාපයක් නොදක්වන බවයි, ජනමාධ්‍ය වාර්තා කරන්නේ.

'අන්තවාදී දෙමළ පක්ෂ'

පාර්ලිමේන්තුවේ සියලු විවාද යලිත් වරක් සජීවී ලෙසින් විකාශනය කිරීමත්, යල් පැන ගිය ස්ථාවර නියෝග වෙනස් කිරීම කතානායකවරයාගේ අවධානයට ලක් වී තිබෙන තවත් ප්‍රධාන කරුණුයි.
මෙවර මහ මැතිවරණයේදී දෙමළ ජනතාව විසින් 'අන්තවාදී දෙමළ පක්ෂ' ප්‍රතික්ෂේප කරනු ලැබ තිබෙන බව පවසන කතානායක කරු ජයසූරිය, ඒ තත්වය යටතේ දෙමළ ජනතාවගේ ගැටලුවලට දේශපාලන විසඳුමක් ලබාදීම පහසු වී තිබෙන බවත් බීබීසී සංදේශයට පැවසීය.

ශ්‍රී ලංකාවේ නව විපක්ෂනායකවරයා බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කරන බවත් කතානායක කරු ජයසූරිය කියා සිටියේ සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us