ලංකාවේ නීත්‍යානුකූල විවාහයන් අඩු වෙයි

Published in පුවත්
Thursday, 03 September 2015 06:44

2011 වසරේ සිට 2014 දක්වා ගතවූ සිව් වසර තුල මෙරට සිදුවි ඇති විවාහ සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවි ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නිතුත් කොට ඇති සංඛ්‍යාන දත්ත වාර්තාවේ සදහන්වේ.

එම වාර්තාවට අනුව 2011 වසරේ මෙරට සිදුවී ඇති විවාහ සංඛ්‍යාව දෙලක්ෂ තුන්සිය දහහතරකි.

2012 වසරේ විවාහ එක් ලක්ෂ අනු අට දහස් හත්සිය දහයක් සිදුවි ඇත.

2013 වසරේ එක් ලක්ෂ අසූ දහස් හත්සිය හැටකි.

2014 වසරේ මෙරට සිදුවී ඇති විවාහ සංඛ්‍යාව එක් ලක්ෂ හැත්තෑ පන් දහස් හත්සිය විසි අටකි.

මේ අනුව 2011 වසරට වඩා 2014 වසරේදී සිදුවී ඇති විවාහ සංඛ්‍යාව 24,586 න් අඩුවී ඇත.

2014 වසරේදී සාමාන්‍ය නීතිය යටතේ සිදුවී ඇති විවාහ සංඛ්‍යාව එක් ලක්ෂ පනස් පන් දහස් හත් සිය දහහතක්වූ අතර උඩරට නීතිය යටතේ විවාහ අටසිය විසි දෙකක්ද මුස්ලිම් නිතිය යටතේ විවාහ දහනව දහස් එකසිය අසූනවයක් සිදු කර තිබේ.

කෙසේ වෙතත් එම වාර්තාවට අනුව වසරින් වසර මෙරට සිදුවන විවාහ සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු වෙමින් පවතී.

 

dinamina

Last modified on Thursday, 03 September 2015 06:51

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us